Saturday, January 18, 2025

නවලෝක රෝහල් පාලනාධිකාරිය වගකිවයුතුයි !

Must read

51360218_10210499510724249_3560958484625227776_n51822120_10210499511004256_1414597846019080192_n

නවලෝක රෝහලේදී මහාචාර්ය රංජනී ගමගේ (Neurologist) මුණගැසීමට අංකයක් වෙන් කරන ලදි.
දිනය – 2019.02.12 (අද)
වේලාව – පෙරවරු 11.00
අංකය – 03
කුරුණෑගල සිට පැමිණි සහෝදරයකු සමග පෙරවරු 11 න් පසු අවස්ථා ගණනාවකදී නවලෝක රෝහලේ නව ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි කවුන්ටරයෙන් විමසීම් කළෙමු.
‘ඩොක්ටර් කීයටද එන්නෙ?’
‘දැන් එයි.’
මුල් අවස්ථා දෙකේදීම ලැබුණේ එම පිළිතුරයි. පසුව පෙරවරු 11.45 ට පමණ විමසීමු.
‘ඩොක්ටර් පෝන් ආන්සර් කරන්නෙ නෑ. අපි තව ටිකක් බලමු.’
පෙරවරු 11.55 ට පමණ…
‘අපි දිගටම ඩොක්ටර්ට ට්‍රයි කරනවා.’
පස්වරු 12 ට පමණ…
‘වෙන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ සර් ළගට දාන්නද. සර් හොදයි.’
අපි – ‘ඒකද විසදුම… එහෙම කරන්න නම් ඇයි අපි රංජනී ගමගේව චැනල් කළේ..?’
‘ඒක ඇත්ත. අපි උදව්වක් කරන්නයි බැලුවෙ.’
අපි – දැන් මොකක්ද අපි කරන්නෙ.. ඩොක්ටර් ආවෙ නැත්නම්..?
‘ඒකට නම් අපිට වගකියන්න බෑ.’
අපි – එහෙම කියලා කොහොමද. අපේ වෙලාව, ගමන් වියදම් …?
‘අපිට චැනල් එකේ සල්ලි ආපහු දෙන්න පුළුවන්. ඔය කොළේ අනෙක් පැත්ත බලන්න, ඩොක්ටර්ගේ වැරදි වලට හොස්පිට්ල් එක වගකියන්නෙ නෑ.’
විනාඩි කිහිපයකින් පසු මහාචාර්ය රංජනී ගමගේ පස්වරු 12.30 ‘පමණ වන විට’ පැමිණෙන බව නිවේදනය කෙරිණි.
සහෝදරයාගේ තීරණය මත චැනල් ගාස්තු ආපසු ලබාගැනීමෙන් පසු, අපට මේ පිළිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පැවසීමු. ගාස්තු ලබාදීමට පෙර, අදාළ රිසිට්පත ලබා ගැනුණු අතර, එහි චායාරූපයක් ලබාගත්තේ කුමක් සදහාද යන්න ඔවුන්ට බරපතළ ගැටලුවක් විය.
පැමිණිල්ල කිරීමට බිම් මහළේ සිටින මහජන සම්බන්ධතා නිලධාරියා හමුවන ලෙස දෙවැනි මහළෙන් කීය.
බිම් මහළට ගිය විට කීවේ ඔහු රෝගියකු සමග අත්‍යවශ්‍ය වැඩකට ගොස් ඇති බවයි. බිම් මහළේ පිළිගැනීමේ නිලධාරිනිය යළි දෙවැනි මහලට යන ලෙස කීය. දෙවැනි මහළේ පිරිස පැවසුවේ තමන්ට කළ හැක්කක් නොමැති බවයි.

01. මහාචාර්ය රංජනී ගමගේට (එක් රෝගියෙකුගෙන් රුපියල් 2,000 ක් ද ගෙන තිබියදී) මෙසේ කිසිදු දැනුම්දීමකින් තොරව රෝගීන් රස්තියාදු කළ හැකිද ?

02. රෝහල් ගාස්තු ලෙස රුපියල් 600 ක් අයකරගෙන තිබියදී, තමන්ට වගකීමක් නැති බව රෝහල් පාර්ශ්වයට පැවසිය හැකිද?

සැ.යු.
මෙහි අරමුණ අදාළ ස්ථානයේ සේවය කළ පිරිසට ගැටළු ඇති කිරීම නොවේ. ඔවුන්ට ගැටළු ඇති කිරීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කරන්නේ නම්, ඊට එරෙහිව කටයුතු කළ යුතුමය…
බලධාරීන්…?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article