නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝතලයක අසුරා තිබූ ජීව අත් බෝම්බ 02 ක් සහ ටී.56 උණ්ඩ 10 ක් සොයා ගැනීමට හැකිවූ බව නවගත්තේගම පොලීසිය කියයි. පසුගිය 01 වැනිදා සවස මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඉඩමේ හිමිකරු විසින් ඉඩම පිරිසිදු කරමින් සිටින විට ආගන්තුක බෝතලයක් හමුවී ඇත.එය පරීක්ෂා කරන විට දැක ඇත්තේ බෝතලය තුළ අත් බෝම්බ 02 ක් සහ උණ්ඩ තිබෙන බවය.ඒ අනුව ඉඩමේ හිමිකරු විසින් මේ බව නවගත්තේගම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.
පසුව නවගත්තේගම පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කර පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.එහුවී ඇති අත් බෝම්බ ආරක්ෂක අංශ පාවිච්චි කරන ඒවා බවට පොලීසිය විසින් හදුනා ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැදවා හමුවී ඇති පුපුරණ ද්‍රව්‍ය විනාශ කරන ලෙස මහසේත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර ඇත.
කව්රුන් විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් දැම්මාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි. නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි
ජූඩ් සමන්ත