ෆැන්ටා බීම පානය කළ විට පැගිරි විසේ හැදෙන බවට අදාළ සමාගම විසින් රුපියල් ලක්ෂ ගණන් වැය කර රූපවාහිනී දැන්වීම් පළ කරද්දී ෆැන්ටා බීමෙන් පැගිරි විසේ කෙසේ වෙතත් මිනිස් සිරුරට වෙන වෙන විස නම් ඇති විය හැකි බවට පහත ඡායාරූප සාක්ෂි දරයි.
මේ පිලැස්ස, හයේ කණුව දෙව්මිණි හෝටලයට පැමිණි පාරිභෝගිකයෙකු විසින් පානය කිරීම සදහා විසින් මිලදී ගත් ෆැන්ටා බීම බෝතලයකි. එම බීම බෝතලය විවෘත කිරීමට පෙර නිකමට මෙන් බෝතලය සොලවා බැලූ එම පාරිභෝගිකයාට දැකගත හැකි වී බීම බෝතලය තුළ පාවෙමින් සිටි මිය ගිය දිමියෙකුගේ සිරුරකි. තවදුරටත් විමසිලිමත් වූ එම පාරිභෝගිකයාට දිමියාට අමතරව එම ෆැන්ටා බෝතලය තුළ පාවෙමින් තිබූ තවත් අපද්‍රව්‍ය රැසක් දැක ගත හැකි වී තිබේ.
පසුව අදාළ හෝටලයේ හිමිකරු විසින් ඒ බව ෆැන්ටා බීම නිෂ්පාදන සමාගමේ කලාප කළමනාකාරවරයෙකුට දැනුම් දී ඇති අතර ඔහු පැමිණ අදාළ බෝතලය පරීක්ෂා කර බලා ගියාට පසුව මේ වෙන තෙක් අදාළ හෝටලය පැත්ත පලාතකවත් පැමිණ නැත.
දිමියෙකුගේ මළ සිරුරක් සහිත මෙම බීම බෝතලය හමු වී දැනට මාස පහකට අධික කාලයක් ගත වී ඇතත් ෆැන්ටා බීම නිෂ්පාදන සමාගම මේ වනතෙක් ඒ පිළිබදව කිසිදු පියවරක් ගෙන නොමැත. අනෙක් අතට සත්ව මළකුණු සහ අපද්‍රව්‍ය සහිත සිසිල් බීම බෝතලයක් හමු වූ පළමු වතාවද මෙන්ම අවසන් වතාවද මෙය නොවන බවද සිහි තබා ගැනීම වටී.
අඩ නිරුවත් ඉන්දියානු නිරූපිකාවන් මහපාරේ නටන අයුරු පෙන්න පෙන්නා ෆැන්ටා බීම නිෂ්පාදන සමාගම විසින් සත්ව මළකුණු සහිත බීම බෝතල් කීයක් නම් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට පොවා ඇති දැයි තීරණය කිරීම පාඨක ඔබ සතු කාරියකි.