Saturday, January 18, 2025

දෙල්විට රෝහලේ වෛද්‍යවරයා උදේ ඉදන් රෑ වෙනකම් බොනවා.

Must read

doctordrinkingදොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයට අයත්, දෙල්විට ග‍්‍රාමීය රෝහලෙහි සේවයේ යෙදී සිටින එකම වෛද්‍ය නිලධාරීවරයා රාජකාරී වේලාවන්වලදී පවා බීමත්ව සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී එම්.එස්. පෙරේරා මහතා, වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලීම කළේ ඊයේ (06 දා) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ එම්.එස්. පෙරේරා මහතා මෙසේද කීය.

“දෙල්විට රෝහලේ එකම එක වෛද්‍යවරයයි විතරයි ඉන්නේ. ඒ වෛද්‍යවරයත් උදේ වැඩ පටන්ගන්න වෙලාවේ ඉදලා හවස් වෙනකම්ම කරන්නේ බොන එක විතරයි. වෛද්‍යවරයෙක් කීවාම අපි බොහොම ගරු කරනවා. මොකද මැරෙන්න ඉන්න මනුස්සයෙක් ජීවත් කරවන්න එයාට පුඵවන්. හැබැයි දෙල්විට රෝහලට හවස් කාලෙක බෙහෙත් ටිකක් හරි දාගන්න ගියොත් කරට අතදාගෙන තමයි ඒකේ ඉන්න වෛද්‍යවරයා එක්කරගෙන එන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා මේ වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක් කරලා ඒ ගැන මේ සභාවට දැනුම් දෙන්න කියලා.” යැයි පැවසීය.

මන්ත‍්‍රීවරයාගේ චෝදනාවට පිළිතුරු දුන් වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව මහතා අදාළ වෛද්‍යවරයාට එරෙහිව නැ‍ගෙන චෝදනා පිළිබදව සොයා බලා කඩිනම් පියවරක් ගන්නා බව පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article