Sunday, November 24, 2024

දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට පොලිස් මූලස්ථානයට කැඳවයි

Must read

T Sobithanවීරකේසරී පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන ටී.සෝභිතන්  ප්‍රශ්න කිරීම වෙනුවෙන  ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත  කැදවා ඇති අතර  කොළඹ පොලිස් මූළස්ථානය වෙත ඔක්තෝම්බර් 04  වෙනිදා පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණි. ගෝටාභය රාජපක්ෂගේ සහ ඩග්ලස් දේවානන්දගේ  දේශපාලන මිතුරුදම් හේතුවෙන් අතුරුදහන්වූවන් වෙනුවෙන් ක්‍රියාකාරී පිරිස් වලට නැවතත් බලපෑම් ඇතිවෙමින් තිඛෙන බවට  සෝභිදන් විසින් මාධ්‍ය වෙත කරන ලද වාර්තාවක් ඔහුව ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවීම අතර සම්බන්ධයක් ඇති බවටද තොරතුරු වාර්තා වේ.

ත්‍රස්ත විමර්ශන අංශය විසින් (TID)දෙමළ මාධ්‍යවේදියෙකු සහ tamilguardian  පුවත්පතේ මුලතිව් වාර්තාකරු   ෂන්මුගම් තවාසීලන් මහතා වද කොළඹට ප්‍රශ්න කිරීම සඳහා සැප්තැම්බර් 20 වනදා  කැඳවන ලදී.
මුලතිව් හි  ක්‍රියාකාරී මාධ්‍යවේදියෙකු වන ෂන්මුගම් මහතා අතුරුදහන්වූවන් ගේ පවුල් විසින් පැවැත්වූ රැළියකදී තමා විසින් පහරදීමට උත්සාහා කළා යැයි චෝදනා මත
නාවුක හමුදා නිලධාරියෙකු විසින් ඔහුට අධිකරණයේ චෝදනා ගොනුකොට ඇත. මාධ්‍යවේදියා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම රැළියේදී එම නාවුක හමුදා නිලධාරියා විසින් එතන සිටි ක්‍රියාකාරීන්ව ඡායාරූපගතකරමින් සිටි බවට මාධ්‍ය වාර්තා කරයි.
උපුටාගැනීම – tamilguardian

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article