(1.02pm) පසුගිය 09වනදා වෙන්නප්පුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේ ගිං ඔය ඉවුරේ තිබී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවිය. මෙම කාන්තාව වයස අවුරුදු 38ක් වයසැති කවිච්චකඩුගේ දිලිනි ප්‍රියංගිකා මධුෂානි නමැති දෙමටපිටියේ පදිංචි කාන්තාවකි. ඇගේ සැමියා විසින් ඇය නිවසින් අතුරුදහන්වී ඇති බවට කොස්වත්ත පොලීසියේ පැමිණිල්ලක් කර තිබෙන බවත් වාර්තා වේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කාන්තාව පුද්ගලයින් සමඟ මුදල් පොලියට දෙන ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇති බවයි.
කෙසේ වුවත් මෙම මරණය තවමත් සැක සහිත මරණයක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂනය සිදුවෙමින් පවතී.