කුලියාපිටිය – කුරුණෑගල ප්රධාන මාර්ගයේ , කිතලව පූගල්ල මංසන්ධිය ආසන්නයේදී මෝටර් රථ දෙකක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් අද සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලැබූහ.
මෙලෙස අනතුරට පත්වූයේ කුලියාපිටිය , වැලිපැන්න , උතුරාවල ප්රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක් ගමන් කරමින් සිටි මෝටර් රථයක් සහ වාරියපොල ප්රදේශයේ පදිංචි පෙම් යුවලක් රැගත් මෝටර් රථයකි.
අනතුරින් බරපතල තුවාල තබා සිටි වියපත් කාන්තාවක් සහ තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර ඔවුහු උතුරාවල ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
බරපතල තුවාල ලැබූ සෙසු පිරිස කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කොට ඇති අතර කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කුලියාපිටිය උපේන්ද්ර සේරසිංහ