Saturday, January 18, 2025

‘දූෂිතයින් පාර්ලිමේන්තුවට එවන්න එපා ‘ – හිටපු අමාත්‍ය පියංකර ජයරත්න

Must read

01(5)

2015 වර්ෂයේ සිදුවූ වරද නිවැරදි කර ගෙන කතිරයට වටිනාකමක් ලබා දී දුෂයෙන් තොර පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමේ වරද ජනතාවට වර්තමනයේ ලැබී ඇතැයි හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.මාදම්පේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රචාරක රැළියක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී තව දුරටත් කථා කළ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙසේද පැවසීය.හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා ගේ අදහස් –

2015 පාර්ලිමේන්තුව තුළ අපි දැක්කා ජනතාවගේ මතයක් ආවා.ඒ මතය තමයි පාර්ල්මේන්තුවේ ඉන්න 225 ම එපා කියන එක.තරුණ තරුණියන් ඇතුළු සියළුම දෙනා අතරට ගියා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම එපා කියන මතය.මොකක්ද ඒකට හේතුව.ඒකට හේතුව තමයි 2015 අපි ගහපු කතිරේ කොතන හරි වරදක් තිබීම.සුදු ඇදගෙන ඇවිත් චරිතයක් බවට පත් වන ඇතැම් දේශපාලකයින් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ විවිධ කාරණා පස්සේ ගමන් කරනවා.ඇතැම් අය පාර්ලිමේන්තුවට ගියා පස්සේ කප්පම් ගන්නවා.ඔබ ලබා දෙන කතිරයෙන් පාර්ලිමේන්තුවට පත් වෙන්නේ දුෂිතයින්.එහෙම නැත්නම් කොමිස් කාරයෝ.එහෙමත් නැත්නම් චන්ඩියෙක්.ඒ නිසා තමයි ජනතාව අද පාර්ලිමේන්තුවෙන් ඈත් වෙලා තියෙන්නේ.

එදා දියවන්නාවට ගංවතුර ගලන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මොනවද කිව්වේ.එදා කිව්වේ මේ 225 ම යටවෙලා මැරියං කියල.මේ තමයි ජනතාව මන්ත්‍රීවරුන්ට දක්නට ප්‍රතිචාරය.කොරෝනා හැදුණු වෙලාවේ කිව්වේ 225 ටම කොරෝනා හැදිලා මැරෙන්නේ නැහැනේ කියලා.එක වෙලාවක ප්‍රචාරයක් ගියා ජනාධිපති තුමත් මේජර් ජනරාල්වරුන් 09 දෙනෙකුත් රට පාලන කරපුවාහම ඇති කියලා.මොකක්ද ඒකට හේතුව.හේතුව තමයි ජනතාව අද පාර්ලිමේන්තුවෙන් ඈත් වීම.කව්ද ඒකට වග කියන්න ඕනේ.මම කියන්නේ ඒකට වග කියන්න ඕනේ ජනතාව කියලයි.ඔබ නිවැරදි මිනිසා තෝරා පාර්ලිමේන්තුවට යවපු නැති නිසා තමයි ඒ කථා අපි ඇහුවේ.අදත් එහෙමයි.අද මොන දේශපාලන පක්ෂය නියෝජනය කළත් ඔබ කතිරය ගහන විට කල්පනා කරලා ගහන්න.අද ප්‍රසිද්ධියේ නායක ස්වාමීන් වහන්සේලා කියන්නේ දුෂිතයින් පාර්ලිමේන්තුවට එවන්න එපා කියලයි.රදගුරු තුමා කියන්නෙත් ඒකයි. ජනාධිපති තුමා කියන්නෙත් දුෂිතයින්ව පාර්ලිමේන්තුවට එවන්න එපා කියන එකයි.ඒ වගකීම බතිබෙන්නේ ජනතාව අතේ.

ඒ නිසා ඡන්ද දායකයා බුද්ධිමත් විය යුතුයි.මේ රට යහමගට ගෙනියන්න ජනාධිපති තුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති වැඩි පිළිවෙල ක්‍රියාත්මක කරන්න දුෂිතයින්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩ නගන්න ඕනේ.එතනදී ඔබ මොන දේශපාලන පක්ෂය නියෝජනය කළත් කමක් නැහැ.යහපත් පාර්ලිමේන්තුවක් තුළ කතිරයට වටිනාකමක් ලබා දෙන්න කටයුතු කළ යුතුයි. ඒ නිසා සුදුසු අය පමණක් තෝරලා පාර්ලිමේන්තුවට යවන්න කියලා මතක් කරන්න කැමතියි.අපේක්ෂකයින්ව හොදට කිරලා,මැනලා ඡන්දය පාවිච්චි කරන්න.එහෙම නොවුනොත් 2025 වෙන කොට ජනතාව පාර්ලිමේන්තුව දිහා හැරිලවත් බලන්නේ නෑ.එක පාරක් වූ වරද නිවැරදි කිරීමේ බලය ඔබට අද ලැබී තිබෙනවා.එහෙම වුනොත් විතරයි ජනතාවට හිතැති,ජනතාවට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න හැකි වෙන්නේ.ඒ සදහා ජනතාව ඒකරාශී වීමේ කාලය වර්තමානයේ එළඹ තිබෙනබව කියන්න කැමතියි.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article