Sunday, January 19, 2025

දූෂිතයන්ට නාමයෝජනා දෙන්න එපා – මාර්තු 12 ව්‍යාපාරය , සජිත්ගෙන් ඉල්ලයි

Must read

SAJITH3-696x373මාර්තු  12  ව්‍යාපාරයේ නිලධාරීන් ඊයේ  (10) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සංදේශයක් භාර දුන්හ. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයේ දී නාමයෝජනා ලබාදීමේදී වඩාත් පිරිසිදු නියෝජනයක් වෙනුවෙන් අපේක්ෂකයන් නම් කරන ලෙසත්,පරාජිතයින්ට ජාතික ලැයිස්තුවේ අවස්‍ථාව ලබාදීම හැකිතාක් අවම කරන ලෙසයි. විපක්ෂනායකවරයා විසින්  එම යෝජනා සියල්ල කෙරෙහි තමන් දැඩි අවධානය යොමුකරන බවත් පවසා ඇති අතර එයිනුත් ඔබ්බට ගොස්,කාන්තා නියෝජනය ,තරුණ නියෝජනය ශක්තිමත් කිරීමටද තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.


දූෂිතයන්ට නාමයෝජනා දෙන්න එපා – මාර්තු 12 විපක්ෂ නායකතුමන්ගෙන් ඉල්ලයි.


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරන දූෂන චෝදනා එල්ලවී අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමෙන් වළකින ලෙස මාර්තු 12 ව්‍යාපාරය අවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකවලට අනුකූලව නාමයෝජනා ලබාදෙන ලෙසට දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටීමට මාර්තු 12 ව්‍යාපාරය තීරණය කර ඇති අතර එහි පළමු අදියර යටතේ විපක්ෂනායකවරයා හා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු නියෝජිතයින් පිරිසක් අතර අද සාකච්ඡාවක් සිදුවිය.

මාර්තු 12 ව්‍යාපාරය විපක්ෂනායතුමන්ගෙන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වන අපේක්ෂකයින් කිසිදු ලෙසකින්වත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්නොකරන ලෙසයි. එමෙන්ම මැතිවරණයට තරඟ වැදීමට කාන්තාවන්ට හා තරුණයින්ට ප්‍රමාණවත් ඉඩක් ලබාදීම සම්බන්ධයෙන්ද මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් එහිදී විපක්ෂනායකතුමන්ගේ අවධානයට යොමුකල අතර මෙහෙයුම් කමිටු සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ විපක්ෂනායකතුමන් එම ඉල්ලීම් කෙරෙහි සාධනීය ප්‍රතිචාරයක් දැක්වූ බවයි.

එමෙන්ම ඉදිරි සති කිහිපය තුළදී ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු අනෙකුත් පක්ෂ නායකවරුන් මුණගැසීමටද මාර්තු 12 ව්‍යාපාරය අපේක්ෂා කරන බවත් එළඹෙන මාර්තු මස 12 වන දින මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක සමාලෝචනයකොට දේශපාලන පක්ෂවල එකඟතාවය ලබාගැනීමට අපේක්ෂා කරන බවද හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වාදුන්නේය.

මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමන්ගේ කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර, අන්තර් ආගමික සංවිධානයේ ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, විද්වත් වෘත්තිකයින්ගේ සංසදයේ අතාවුද ජයවර්ධන, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකා උපේක්ෂි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

 

උපුටාගැනිම / http://cleanpolitics.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article