නාත්තන්ඩිය ,නගරයේ 22 හැවිරිදි ආර්.සුභාෂණි නම් එක්දරු තරුණ මවක් ගෙල වැළලා මියගොස් තිබේ. උපතින් සුරූපී, දමිළ ජාතික තරුණියක් වූ ඇය ප්‍රේම සබඳතාවයකින් විවාහ වූයේ එවකට වෘත්තියෙන් සැලොන් ආයතනයක සේවය කළ සිංහල ජාතික තරුණයකු සමඟයි.
මේ වන විට මේ දෙපළට අවුරුදු දෙකහමාරක පමණ පුංචි දියණියක්ද සිටි.ඇයගේ අසල්වාසීන් පවසන පරිදි මීට ටික කලකට පෙර මෙි දෙදෙනා අතර වූ විරසකයක් හේතුවෙන් දෙදෙනාම වෙන්ව ජීවත් වන්නට තීරණය කර ඇත. එය නීත්‍යානුකූලව පොලිස්පොතේ හෝ සටහන්ව නොමැති වුවත් දෙදෙනාම වෙන් වෙන්ව ජීවත්ව ඇත.ඒ අනුව ඇය ජීවත් වූයේ සිය මවුපියන් සමඟ ඇය උපන් නාත්තන්ඩිය වලහපිටිය පාරේ පිහිටි ඇයගේ මව්පියන්ගේ නිවසේය. මේ තරුණියගේ විවාහක සැමියා , ඇයගෙන් වෙන් වූ අවස්ථාවේදී වයස අවුරුදු දෙකහමාරක පමණ වන සිය දියණියද රැගෙන ගොස් ඇතැයි ද අසල්වාසීන් පවසති. මේ හේතුව නිසාම ඇය ඉතා සිත් තැවුලෙන් පසු වු බවද ඇයගේ ඥාතීන් පවසති.
එ් අනුව ටික කලකින් ඇය සිත එකලස් කර ගනිමින් විදේශ රැකියාවකට යොමු වීමට පවා බලාපොරොත්තුව කල් ගෙවූ බවත් දැන ගන්නට ලැබුණි.
මේ අනුව එළඹුණු 31 වෙනිදා එනම් මේ තරුණියගේ වැඩිමහල් සොහොයුරාගේ නිවසේ එදින දහවලේ පැවැති දීපවාලී උත්සවයට සිය මවුපියන් සහභාගි වී සිටි අතර එදින ඇය තම ආදරණීය දියණියද රැගෙන ගොස් තමාගෙන් වෙන්ඩ සිටින සැමියාට දුරකථනයෙන් කතා කර තම සිඟිති දියණියව බැලීමට අවශ්‍ය බව පවසා ඇතැයි ද ඇයගේ අසල්වාසීන් පවසයි. එම දුරකථන සංවාදයෙන් පසුව ඇති වූ යම් සිත් තැවුලක් නිසාවෙන් ක්ෂණයෙන් හටගත් වේදනාවක් දරා ගත නොහැකි වූ ඇය අවසානයේ රෙදි කඩකින් (ෂෝල් එකකින්) තම නිවසේ කාමරයකදී ගෙල වැලලා මිය ගොස් තිබේ. පසුව ඇයව මාරවිල රෝහලට ගෙන ගියත් ඒ වනවිටත් ඇයගේ ප්‍රාණය නිරුද්ධ වී තිබිණි.
ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුගිය නොවැම්බර් 03 වෙනි දින නවත්තන්ගේ මයිලාව පොදු සුසාන භූමියේදී ඇගේ ඥාතීන් හිතවතුන් ඇතුළු අසල්වැසි ජනතාවගේත් මහත් වූ සෝ සුසුම් මැද සිදුකරන ලදී..