Saturday, January 18, 2025

දිළින්දුන් රැවටිම හෙවත් රජයේ අලුත් ඉලෙක්ට්‍රොනික් කාඩ්

Must read

01

වර්තමාන ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විිසන් ලංකාවේ සමෘද්ධිලාභින් ලස හදුන්වන අඩු ආදායම් ලාභී පවුල් වෙත ආහාර අවශ්‍යතා සපුරාගැනීමට විශේෂ  ඉලොක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කිරීමට සූදානම් වේ. ඒ සඳහා වන විශේෂ වැඩපිලිවෙලකුත් මේ විට හන්වා තිබේ. නමුත් මෙම අඩුඅදායම්ලාභීන් වෙනුවෙන් ලබාදෙන කාඩ්පතේ කොපමණ වටිනාමකින් යුත් මුදලක් තිබෙනවාද යන්න එහි මූල්‍ය වටිනාකම කොපමණ ද යන්න තවමත් සඳහනක් නොමැත.වැදගත් වන්නේ එයයි.  දිලිදු ජනතාවට සහන දිම වෙනුවට ඊට වඩා ඔවුන්ගේ ආර්ථික වර්ධනය වැඩ කළ යුතු බවට ජනාධිපතිවරනයේදී පම්පෝරි ගැසූ වර්තමාන ජනාධිපතිවරයා නැවතත් වටයකින්  දිලිදුකමට තාවකාලික පිළිතුරුදීමට පරණ ක්‍රමයටම අයිසින් සීනි තවරා ආරම්භ කිරීමට යයි.


දිනමිණ

අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සෑම හිමිකම්ලාභිකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.   අවසන් අදියරේ පවතින අතර ජනවාරි 20ට පෙර අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධි ලාභී පවුල්වල සාමාජිකයන් සහ සුදුසුකම් ලබන එහෙත් සමෘද්ධි සහනාධාරය නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකායේ අරමුණ වේ.

එවැනි පවුල්වල ශ්‍රම බළකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්‍රයන්හි මාස 06ක පුහුණුවකින් පසු ස්ථීර රැකියා අවස්ථා ලබාදේ. පදිංචි ප්‍රදේශයේම රැකියා අවස්ථාවක නියුක්ත කිරීම විශේෂත්වයකි.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනේ.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරේ. ඔවුන් මෙහෙයවීමේ හා කළමනාකරණය සඳහා උපාධිධාරීන් සහ උසස් අධ්‍යාපනය ලැබූවන්ට ද රැකියා අවස්ථා උදා වේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බඳවා ගැනේ. විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ, අනෙකුත් ආගමික පූජක උතුමෙකු, දිස්ත්‍රික් ලේකම්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සුදුසුකම්ලාභීන් තෝරා ගැනේ. තෝරාගැනීමේ නිවැරදිතාව තවදුරටත් තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශවල නිපුණතාවක් සහිත පිරිසක් යෙදවීමට ද තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ බඳවා ගැනීම් සහ පුහුණුවීම් සිදු කෙරේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article