Saturday, January 18, 2025

දැවැන්ත පරිසර විනාශයන් අභිමුව පැළවෙන අලුත් ගස්

Must read


වයඹ හඩ පරිසර සංවිධානයේ මැදිහත්වීමෙන් අද (19) ආනවිළුන්දාව රක්ෂිත භූමියක කඩොලාන සිටුවීමේ සද්ක්‍රියාවක් ආරම්භ කරන ලදී.මෙම කඩොලාන ශාක පැළකිරීමේ වැඩසටහන වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආනවිළුන්දාපත්තුවේ  පරිසර සුරැකීමේ සංවිධනය සහ කොළඹ  MSI ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි. මෙහිදී  භුමිය අසල මේ කඩොලාන  පැල 200ක් පමණ පැළකළ අතර පසුගියදා ඉස්සන් වගාවක් වෙනුවෙන් ආනවිළුන්දාව රක්ෂිතයේ ඩෝසර් කරන ලද භූමිය ආසන්නයේම  මෙම කඩොලාන ශාක සිටුවන ලදී.  මෙම භූමියේ  කඩොලාන ශාක 25000ක් පමණ පැළකිරීමේ ව්‍යාපෘතියක් සූදානම්ව තිබූ අතර එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. වයඹ හඬ පරිසරය සුරැකීමේ සංවිධානය විසින් පසුගියදා ආනවිලුන්දාව රක්ෂිතය ඉස්සන් ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩෝසර් කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් රටටම හෙළිදරව් කරමින් මෙම පරිසර විනාශයට එරෙහිව නැගී සිටි සිටිමින් , ජනතාව දැනුවත් කරමින් මෙන්ම වගකිවයුත්තන් හමුවී රක්ෂිත භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් එයට සාධාරණයක් ඉටුකරවාගැනීම වෙනුවෙන් කැපවී ක්‍රියාකාරී වන සංවිධානයකි. එම සංවිධනය විසින්  පරිසර විනාශය පිටුදකිමින් එයට එරෙහිව ක්‍රියාකරන අතර පරිසරය රැකගැනීම වෙනුවෙන්ද මැදිහත්ව පියවරක් තබා ඇත. ආනවිළුන්දාව රක්ෂිතය ඇතුළු  මේ වනවිට මුළු රටේම විනාශකරමින් පවතින පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙරට පැමිණ තම සංවිධානය සමග එක්වන ලෙස වයඹ හඬ පරිසරය සුරැකිමේ සංවිධානය විසින් තරුණ පරපුරට ආරාධනා කරයි.
119556969_661800354716262_9200285496615720350_n 119692082_661800304716267_3245144877851575624_n119936529_661800404716257_5255758067634490252_n

 

119609167_661800924716205_232569665397759259_o119630097_661800444716253_7100115020104139456_n

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article