Thursday, November 21, 2024

දැයට කිරුළේ ගැහැලි වෙන්නප්පුවෙන් හමුවේ.????

Must read

channa1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පසුගිය රාජ්‍ය පාලන සමයේ 2014 දැයට කිරුළ වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ 140 ක වියදමින් වෙන්නප්පුවේ ඉදිකල මාතෘ සායන 2ක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන තිබිමෙන් විනාශයට පත් වෙමින් තිබෙන බව ප්‍රදේශවාසින් පෙන්වා දෙති.
වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ හා බණ්ඩිරිප්පුව ගාලවත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම මාතෘ සායන ගොඩනැගිලි ප්‍රදේශයේ ජන අවශ්‍යතා පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව ඉදිකිරිම නිසා මෙලෙස මෙම ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව ජනතාව පවසති මාතෘ සායන පැවැත්වීමට මෙම ගොඩනැගිලි ඉදිකර මාස ගණනාවක් ගතවීත් මාතෘ සායනයකට උවමනා කිසිදු උපකරණයක් මෙම ගොඩනැගිල්ලට ලබාදි නොමැති බව පෙන්වා දෙන ජනතාව පවසන්නේ එම ගොඩනැගිලි කිසිදු ප්‍රයෝනයකට නොගත්තත් නිසි ප්‍රමිතියකින් එහි වැඩකටයුතු නොකිරිම නිසා සමහර බිත්ති පුපුරා යමින් තිබෙන බවයි.
මහජන මුදල් වැයකර කිසිදු සැලසුමකින් තොරව ඉදිකර ඇති මෙම ගොඩනැගිලි පිළිබඳව අද වනවිට වගකීම බාර ගැනිමට කිසිදු ආයතනයක් නොමැති බවත් වර්තමාන ආණ්ඩුවේ අවදානය මෙම ගොඩනැගිලි වලට යොමු වි එය ජනතාවට ප්‍රයෝනවත් අකාරයට යොදා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි මෙම මාතෘ සායන ඉදිකිරිමට යෝජනා ඉදිරිපත් කර එයට මුලිකත්වය ගත් වෙන්නප්පුව ආසනයේ එවකට පැවති එක්සත් ජනතා සංධානයේ ආසන සංවිධායක හිටපු සමාජ සුභසාධන ජෙයෂ්ඨ ඇමති මිල්රොයි ප්‍රනාන්දු මහතාගේන් විමසිමේදි මෙසේ කීය මට මතකයි එහෙම ගොඩනැගිල්ලක් හදන්න ගත්තා අපේ බැසිල් ඇමති තුමාගේ අමාත්යංශයෙන් තමා සල්ලි දුන්නේ ඒකට දැන් අපේ ආණ්ඩුවක් නෙමෙනේ තියෙන්නේ එම ගොඩනැගිලිවල තත්වය මොකද කියලා මම හොයලා බලලා කියන්නම් මෙම ගොඩනැගිලි ඉදිකිරිමට අවැසි ප්‍රතිපාදන සම්බන්ධිකරණය කල වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වර්තමාන ප්‍රාදේශිය ලේකම් වන යු සුජීවා ප්‍රනාන්දු මහත්මියගෙන් මේ ගැන විමසීමේදි මෙසේ පැවසීය මෙම ගොඩනැගිලි ඉදිකිරිම් හා සැලසුම් කිරිම් කරලා තිබුනේ මම මේ තනතුරට එන්න පෙර කොහම වුනත් එම ගොඩනැගිලි ඉදිකර අවසන් වු පසු අප එම ගොඩනැගිලි ප්‍රාදේශිය සෞඛ්‍ය කාර්යාලයට බාර දිලා තියෙන්නේ එහි ඉදිරි කටයුතු එහෙන් තමා දැන ගන්න වෙන්නෙ
මෙම මාතෘ සායන පිළිබඳව විමසිමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය සෞඛ්‍ය නිළධාරි වෛද්‍ය පි අර් පි පෙරමුණ මහතා මෙසේ පැවසීය මෙම ගොඩනැගිලි අපට බාර දුන්නා තමා එත් ඒකට වුවමනා කිසිදු උපකරණයක් හෝ පුටුවක් මේසයක්වත් නැතුව අනෙක අපට අපේ ප්‍රදේශයේ මාතෘ සායන 12 ක් දැනටමත් තියෙනවා අපිට ඉන්න හෙදියන් වෛද්‍යවරුන් සීමිතයි අපි දැනටත් අමාරුවෙන් අපේ වැඩකරගෙන යන්නේ මේ වගේ මාතෘ සායන ඉදි කරද්දි අපෙන් අහන්න ඔනේ අපෙන් උපදෙස් ගන්න ඔනේ අනෙක අපි එක ප්‍රදේශයක මාතෘ සායන කරන්නේ සති දෙකකට සැරයක්

චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article