රාජපක්ෂ රෙජීමය රට පාලනය කල දස අවුරුදු කාල සීමාව තුල මෙරටේ ජනමාධ්‍ය කරුවන් අතිවිශාල ප්‍රමාණයක් ඝාතනය කර අතුරුදන් කර හා තවත් පිරිසකට ඉතා නින්දිත ආකාරයෙන් පහරදීම් කර ඇතත් අද වනතුරු එම එකම සිද්ධියකට හෝ වගකිව යුතුවූ අයෙකුට දඬුවම් කර නොමති වීම ගැන තමන් බලවත්සේ කණගාටුවට හා විමතියට පත්ව සිටින බව වයඹ ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී ජනූර් කිචිලාන් මහතා පසුගිය දිනක කුරුණෑගලදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ රජය මේ පිළිබඳව දැක්වූ උනන්දුව ප්‍රමාණවත් නොවූ බවත් තමන් ඒ ගැන දැඩි කලකිරීමට පත්ව සිටින බවත් මේ අනුව ඉදිරිය ගැන තමන්ට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටින ලදි