Saturday, January 18, 2025

දැඩි සුළං නිසා තොඩුවාව මුහුදු තීරයේ ආපදා තත්ත්වයක ලකුණු

Must read

13දරුණු ලෙස සිදුවන මුහුදු ඛාදනය හේතුවෙන් කිසියම් ආපදා තත්ත්වයක් ඇති වුව හොත් ඊට මුහුණ දීමට කටයුතු සුදානම් කර ඇති බව මහවැව ප්‍රාදේශීය ලේකම් නදීජා හේරත් මහත්මිය පැවසුවාය.

මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරු තොඩුවාව සහ මැද තොඩුවාව යන ප්‍රදේශ වල සිදුවන මුහුදු ඛාදනය සම්බන්ධයෙන් අප කරණ ලද විමසුමකදී ප්‍රාදේශීය ලේකම්වරිය එසේ පැවසුවාය.

තොඩුවාව,මැද තොඩුවාව සහ උතුරු තොඩුවාව යන ප්‍රදේශ වසර කීපය සිට දරුණු ලෙස මුහුදු ඛාදනය වීමට පටන් ගෙන ඇත.මෙම තත්ත්වයට පිළියමක් ලෙස ගල් වැටි යෙදීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබුණි.වාරකන් සමය ආරම්භයට පෙර තම වෙරළ තීරය ආරක්ෂා කර දෙන ලෙස වගකිව යුතු අංශ වලින් ඉල්ලමක් කළත් ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ බව උතුරු තොඩුවාව සහ මැද තොඩුවාව ගම්වාසීන් කියා සිටී.

මෙම ප්‍රදේශයේ වෙරළ තීරය මීටර් 400 ක පමණ ප්‍රමාණයක් කිලෝ මීටර් 02 ක පමණ දුරක් මේ වන විට මුහුදු ඛාදනය හේතුවෙන් විනාශයට පත්ව ඇත. මුහුදට සමාන්තරව ඇති මාර්ගයක්,කුඩා ප්‍රමාණයේ යාඥා මධ්‍යස්ථානයක්ද මේ වන විට මුහුදට බිලිවී ඇත.ඇතැම් නිවාස ආසන්නයටම මුහුද පැමිණ ඇති බවක්ද දක්නට ඇත.මෙම තත්ත්වය නිසා තමන්ට නිවෙස් අතහැර දමා ආරක්ෂිත ස්ථාන වලට යාමාට සිදු වී ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටී.

මුහුදු ඛාදනය අවම කිරීම සදහා ගල් වැටි යෙදීම් ආරම්භ කර තිබුණත් පසුගිය දිනවල ඇති වූ තත්ත්වය නිසා ප්‍රමාදයක් සිදුවූ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.සේවකයින්,යන්ත්‍ර උපකරණ සහ කළු ගල් සපයා ගැනීමට නොහැකි වීම ඊට හේතු බවද ඔවුන් සදහන් කරයි.


 

ජූඩ් සමන්ත

18

නමුත් ඇතැම් සේවකයින් ඇදිරි නීතිය පවතින සමයේ පවා අනාරක්ෂිත බවද නොතකා අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස සලකා ගල් වැටි යෙදීම මේ වන විට ආරම්භ කර ඇති බවද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.

වෙරළ ඛාදනය හේතුවෙන් කිසිවෙකුත් අවතැන් වී නොමැති බවත්,එවැනි හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට සුදානමින් සිටින බවද මහවැව ප්‍රාදේශීය ලේකම් නදීජා හේරත් මහත්මිය පැවුසවාය.

මේ අතර හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරණවිල මුහුදු තීරයද මුහුදු ඛාදනය වන්නට පටන් ගෙන ඇති බවක් දක්නට ඇත.මෙම තත්ත්වය නිසා තමන්ට බෝට්ටු ගාල් කිරීමට වෙරළ තීරයක් අහිමි වීමේ ඉඩකඩක් ඇති බවද ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.

මුහුදේ සුළගේ වේගය වැඩි වීම හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැණුම් දී ඇතත් ඇතැම් ධීවරයින් මසුන් මැරීම සදහා පිටත්ව යන ආකාරයක්ද දක්නට ලැබුණි.


 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article