ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි නාවුක හමුදා සෙබළුන් 12 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව 07 වැනිදා පෙරවරුවේ පිටත්ව ගියේය.
පූර්ණ සුවය ලබා පිටත්ව ගිය නාවුක සෙබළුන් අතර “දළරළ” නෞකාවේ සේවය කරමින් සිටි නාවුකයින් 10 දෙනෙකු සහ වැලිසර කදවුරේ සේවය කරමින් සිටි සෙබළුන් දෙදෙනෙකු ද වේ.
ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් සුවය ලැබූ නාවුක හමුදා සාමාජිකයින් සපුගස්කන්ද නාවුක හමුදා කදවුර වෙත කරා රැගෙන යාමෙන් අනතුරුව දියතලාව නීරෝධායන කදවුර වෙත යොමු කිරීමට කටයුතු කරන බව නාවුක හමුදාව සදහන් කළේය.
මේ අතර ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 09 දෙනෙකු 07 වැනිදා සවස පූර්ණ සුවය ලැබීමෙන් අනතුව පිටත්ව යාමට නියමිතව ඇත.ඩුබායි හී සේවය කරමින් සිට මෙරටට පැමිණ සිටි ඔවුන් ගිරාගම නීරෝධායන කදවුරේ සිට ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබුණි.කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයින් 31 දෙනෙකු තවමත් ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී.
ජුඩ් සමන්ත.