Saturday, January 18, 2025

දඬුලේනුන්ගේ බෝවීම වැඩි නිසා වගාවන්ට හානි රැසක්

Must read

දඩුලේනා
(9.10pm) කුරුනෑගල දිස්ත්‍රික්කයේ  වගා කරන පලතුරු සහ පොල් වගාවන් ඇතුලු වගාවන්ට දඞුලේනුන් නිසා විශාල හානියක් සිදුවී ඇති බව වාර්තා වේ. සුළු පරිමානයෙන් පවා ගෙවතු වල වගා  කරන ලදී.

පොල්, අඹ ,කජු,කෙසෙල් ,කොස් ,දෙල්, පුවක් දිවුල් ආදි ගස්වල නාඹර පළ දඬුලේනුන් විසින් විනාශ කරන බව වගා හිමියන් පවසති.

පොල් වගාවන්ට සිදුවන හානි අවම කිරීම සඳහා  දඬුලේනුන් පලවා හැරීමට පොල් වගාකිරීමේ මණ්ඩලයේ සහය ඇතිව යම් ආයතනයක් විසින් වායු තුවක්කු හඳුන්වා දී තිබේ. ඒවායේ මිළ රු 16000 සිට 80000දක්වා වන අතර දඬුලේනුන් පළවා හැරීමට එතරම් අධික මිළක් ගෙවීමට කුඩා ගෙවතු හිමියන්ට අපහසුය.

අනෙක් කාරණය වන්නේ වායු තුවක්කු වැනි ආයුධ වලින් සත්ව ජීවිත වලට හානි වීමයි. ප්‍රදේශවාසීන් පවසන්නේ වායු තුවක්කු වලින් දඬුලේනන්ට තුවාල ඇතිවී ඔවුන් මිය යා හැකි බවයි. එබැවින් එය සාර්ථක ප්‍රතිකර්මයක් නොවන බව ඔවුන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් යම් පියවරක් ගතයුතු බව ඔවුන් පවසනවා. දඬුලේලනුන් අල්ලා රජයේ උද්‍යානවලට ගෙනගොස් දැමීමේ වැඩපිළිවෙලක් මෙම ගෙවතු වගාකරුවන් යෝජනා කරති.


එන්.එස්.කේ බස්නායක

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article