සුනඛයෙකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකුව බලපත්ර රහිත ගිනි අවියක්ද සමග හලාවත පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. මෙම පුද්ගලයා හලාවත – පුලියන්කාර ප්රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 31 වැනිදා රාත්රීයේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති සැකකරු සතුව දේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක් තිබූ බවත්
තමන් සතුන් දඩයම් කිරීම සදහා යන විට සුනඛයාගෙන් සිදුවූ කරදරය හේතුවෙන් වෙඩි තැබීම සිදු කළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත -පුලියන්කාර ප්රදේශයේ පදිංචිකරුවෙකුවය.
ජුඩ් සමන්ත.