මහවැව – තොඩුවාවට මුහුදු රැල්ලේ පීඩනය අධිකවීම හේතුවෙන් ඒ ප්‍රදේශයට විශාල හානියක් සිදුවී තිබේ. පසුගිය සතියේ ඇතිවූ කුණාටු සහ වර්ෂාව හේතුවෙන් වෙරළ ඛාදනය උත්සන්නවී ඇති අතර මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ධීවර ජනතාව දිගින් දිගටම වගකිවයුතු නිලධාරින් මෙන්ම දේශපාලකයන්ටද , මාධ්‍ය මගින් දැනුම්දී තිබේ. නමුත් අනතුර වලක්වාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් එම ජනතාව සිටින්නේ මහත් කලකිරීමෙන් හා විශ්වාසය බිදවැටුණු මානසික තත්ත්වයකය. උතුරු තොඩුවාව අංක 531 ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මේ වනවිට මෙය වැලැක්වීම වෙනුවෙන් කිසිවක් සිදුකර පලක් නොමැති බවයි. එම ග්‍රාම කොට්ඨාශයේ නිවාස අසලටම වෙරළ ඛාදනය සිදුවී ඇති අතර මේ වනවිට එක් නිවසකට තාප්පයක්, වැසිකිලි දෙකක් මුහුදට ගසාගෙන ගොස් තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් 2021 ජනවාරි මාසයේ සිටම සියලු වගකිවයුතු බලධාරින්ට දැනුම් දුන්නද ඔවුන් කලින් ක්‍රියාත්මක වූවානම් මේ තරම් දරුණ ප්රතිපළයක් අත්නොවන බව ජනතාව පවසයි. මුහුදු රළ ප්රචන්ඩ වීම හේතුවෙන් පොල්ගස් කඩා වැටී බොහෝ නිවාස වල වහලවල් වල උලුකැට කැඩී ඇති අතර සමහර වෙරළාසන්නම ධීවර පවුල් මේ දිනවල රාත්‍රීන් ගතකර ඇත්තේ වෙනත් නිවාස වලය. දැනට සති කීපයකට පෙර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පා.න්ත්රී අශෝක ප්‍රියන්ත මෙම ප්‍රදේශයට පැමිණි මේ සම්බන්ධයෙන් පියවර ගන්නා බවට ජනතාවට පැවසූ බව ඔවුන් පවසයි. නමුත් මේ තරම් හානියක් වනතෙක් ඔවුන්ට කිසිවක් කරගත නොහැතිවූ බවටත් තොඩුවාව ප්‍ර දේශයේ ජනතාව දෝෂාරෝපනය කරති. රාත්‍රින් කීපයක් නිවාස වල සිටීමට නොහැකිවූ අතර ගෙවල් වල උයාගෙන කෑමට පවා නොැහකිවූ බවත් තමන් පසුගිය දිනවල අනුභව කළේ නෑදෑ හිතවතුන් ගෙනදුන් බත්පාර්සල් බවත් නිවෙස් වල කාන්තාවන් පැවසූහ.