Saturday, September 21, 2024

තොඩුවාව- ඉරණවිල සිට මාරවිල දක්වා වෙරළ ඛාදනය අඛන්ඩවම

Must read

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මුහුද රළු වීම හේතුවෙන් මාරවිල සිට හලාවත ඉරණවිල දක්වා වූ වෙරළ තීරය ස්ථාන කිහිපයකදීම දැඩි ලෙස ඛාදනයකට ලක් වෙමින් ඇති බව දිනමින වෙබ් අඩවිය ( dinamina.lk ) වාර්තා කර තිබිණි.

එම පුවතේ වැඩිදුරටත් වාර්තා කර තිබුණේ,
මෙලෙස වෙරළ ඛාදනය වීමෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉරණවිල ප්‍රදේශයට බවත් එලෙසම
ඉරණවිල පාලම පිහිටි ස්ථානයේ සිට උතුරු දෙසට කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දැඩි ලෙස ඛාදනයට ලක් වී ඇති බවයි.
එමෙන්ම මේ වනවිටත් නිවාස කිහිපයක් මුහුදට බිලි වී තිබේ. වෙරළ තීරයේ තවත් නිවාස රැසක් කැඩී යෑමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් වෙරළ දැඩි ලෙස ඛාදනය වීම නිසා ධීවර ජනතාවට තම බෝට්ටු සහ තෙප්පන් ගාල් කිරීමට සිදුවී ඇත්තේ එම මාර්ගය ආසන්නයෙන්ම බවත් වාර්තා වුනි.

     මේ පිළිබඳව අප කළ විමසීමකදී මාරවිල තල්විල  ප්‍රදේශයේ  සංචාරක හෝටල් හිමියෙකු ප්‍රකාශ කළේ හලාවත සිට අඹකඳවිල , ඉරණවිල නොඩුවාව හරහා වෙන්නප්පුව  සිට නයිනමඩම ප්‍රදේශයට ඉතා ඉක්මනින්ම ගමන් කළ හැකි මාර්ගයක් ලෙස මෙම වෙරළ බඩ මාර්ගය හඳුන්වා දිය හැකි බවයි. එමෙන්ම ඔහු සඳහන් කරන පරිදි සංචාරක ආකර්ෂණය ඉතා ඉහලින්ම ලැබෙන මනරම් වෙරළ තීරයක් හිමි මේ ප්‍රදේශය කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටල් ගණනාවකින් ද සමන්විත වන මේ වෙරළ ප්‍රදේශය ඛාදනය වීම මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නන්ට මරු පහරක් වනු ඇති බවයි.
           එමෙන්ම මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී  වෙන්නප්පුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකු සඳහන් කළේ වෙන්නප්පුවේ ස්ථාපිත කළ නව ධීවර වරායට සේන්දු වෙන ටෝලර් යාත්‍රාවලින් ගෙනෙන මාළු තොග හලාවත වැනි ප්‍රදේශ වලට ඉතා ඉක්මනින්ම ප්‍රවාහනය කිරීමට ඇති මෙම මාර්ගය  පැවතීම ඉතාම ප්‍රයෝජනවත් වන බවයි. එහෙයින් ඔහු අවධාරණය කරන්නේ මෙලෙස මෙම වෙරළ ප්‍රදේශය අඛණ්ඩව මේ අයුරින් ඛාදනය ට ලක්වුවහොත්  මෙම මාර්ගය අහිමිවියා හැකි බවයි. එලෙස වුවහොත් එය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටත්,ධීවර කර්මාන්තය හා සබැඳුණු ව්‍යාපාරවලටත්   විශාල පාඩුවක් සිදුවන බව ඔහුගේ අදහසයි.
     මෙම මාර්ගය සහ මෙම වෙරළ ප්‍රදේශ ඛාදනය වීම වලක්වාලීමට ගෙන ඇති විසඳුම් සහ එම  විසඳුම් ප්‍රමාණවත්ද ? 

   
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article