Saturday, January 18, 2025

තෙප්පම් රැකියාව අනතුරේ – මහවැව ධීවර නිලධාරීන්ට චෝදනා ??

Must read

කොටු දැල් යොදා ගනිමින්  සිදුකරන මසුන් ඇල්ලීමේ  ක්‍රියාවලියට විරෝධය පළ කරමින් බරුදැල්පොල,කුඩාමඩුවැල්ල,තොඩුවාව යන ගම්වල සුළුපන්න ධීවරයින් විසින් පසුගිය විරෝධතාවක් පවත්වන ලදී.  මෙම  විරෝධතාවයේදී ධීවර ක්‍රියාකාරී ලොයෙල් මහතා පවසා සිටියේ  මෙම පන්න ක්‍රමය තහනම් දැල් පන්න ක්‍රමයක් බවත්,  මුට්ටුව,පළගතුරේ ප්‍රදේශ වලින් ඒන පිරිසක් විසින් මෙම දැල්පන්න ක්‍රමය භාවිතා කරමින් මසුන් ඇල්ලීමේ නිරත වන බවයි. මෙම ක්‍රියාව මගින් මත්ස්‍යයින් විශාල වශයෙන් අස්වැන්න ලෙස ඔවුන් කොටුකරගන්නා අතර මාස 06 ක කාලයකදී පමණක් ( වලාල කාලයේදී ) තෙප්පම් රස්සාවේ යෙදෙන සම්ප්‍රදායික ධීවරයින්ට මේ හේතුවෙන්  මසුන් නෙලාගැනීමට හැකියාවක් නොමැති වීම විශාල ප්‍රශ්නයක් බවද   ඒ් හෙතුවෙන් මේ ආකාරයට ධීවරයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඒක්ව මෙම විරෝධතාවය පැවැත්වූ බවද ඔහු තවදුරටත්  ප්‍රකාශ කරන ලදී. මේ ආකාරයට කොටුදැල් රස්සාවේ යෙදනෙ පුද්ගලයින් පිට පළාත්වලින් පැමිණෙන පුද්ගලයින් වන අතර මොවුන් සම්බන්ධයෙන් මහවැව ධීවර කාර්යාලයේ නිලධාරීන්ව දැනුවත් කර ඇතත් ඔවුන් මෙම නීති විරෝධී ක්‍රියාව නැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමත් ප්‍රශ්නය තවත් වර්ධනයට ප්‍රධාන හේතුවක් බවත් මෙම සුළුපන්න ධීවරයින් චෝදනා කර සිටිති. මෙම විරෝධතාවය පවත්වන ලද්දේ කුඩාමඩුවැල්ල ගෝල්ඩන් බීච් ක්‍රීඩාංගනය අසල මුහුදේදිය
.

ඡායාරූප – තුසිත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article