Saturday, November 23, 2024

තුන්රෝදයෙන් දුම්රිය අල්ලන්න ගිය අයෙක් ඒ දුම්රියටම බිලිවෙයි.

Must read

පොල්ගහවෙල, ගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී ඒ හරහා යාමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් දුම්රියෙහි ගැටීමෙන් ත්‍රිරෝද රථය පැද වූ පුද්ගලයා අද (28 දා) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

අද උදෑසන 6.10 ට පමණ සිදු වූ බව කියන අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ සියඹලාවැහැර, කලුගමුව ප්‍රදේශයේ ගාඩිආරච්චිලාගේ විමල් මංජුල පෙරේරා නැමැති 47 හැවිරිදි පුද්ගලයෙකි.

මහව සිට කොළඹ බලා ධාවනය කෙරෙන කාර්යාලීය දුම්රිය එම වේලාවට ගොඩවෙල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබූ බවත්, කුරුණෑගල දෙසින් පැමිණි ත්‍රිරෝද රථය වසා තිබූ ගේට්ටුව අතරින් එකවරම දුම්රිය මාර්ගයට ඇතුළත් කළ බවත්, සිද්ධිය ඇසින් දුටුවෝ වයඹ ටුඩේ වෙත කීහ. ලංකා ගමනාගමන මණ්ඩල සේවකයෙකු වන ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී මෙම කාර්යාල දුම්රියට ගොඩවීම සදහා එමින් සිටි අයෙකු බවද වාර්තා වෙයි.

දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථය දුම්රියෙහි ඇමිණී මීටර් පන්සියයක් පමණ ඉදිරියට ඇදීගොස් තිබූ අයුරු දැකගත හැකි විය.

අලව්ව චන්දන ගුණසේකර


godawela_2 godawela_1
එම අනතුර සිදු වූ අවස්ථාවේදී එහි සිටි අයෙකු විසින්  මුහුණුපොතේ පළකර තිබූ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙයි.godawela_7 godawela_3 godawela_8 godawela_4 godawela_5 godawela_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article