Saturday, November 23, 2024

තාර ලොරිය මිනී මරයි ! ( FULL STORY )

Must read

gattuwana_accident_02තාර තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබියදී කාර්මික දෝෂයකට ලක් වූ ටිපර් රථයක් කුරුණෑගල, ගැට්ටුවාන ප‍්‍රදේශයේදී මාර්ගයේ පසුපසට ධාවනයවීම නිසා ඊට යටවුණු වෑන් රථයක සිටි රියදුරෙකු අද (24 දා ) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

මාර්ග ව්‍යාපෘතියක් සදහා තාර ප‍්‍රවාහනය කරමින් තිබී ඇති මෙම ටිපර් රථය ගැට්ටුවාන රවුම් පාර ඔස්සේ පැමිණ, කුඩා කදු ගැටයක් සහිත මාර්ග පිහිටීමක් ඇති ලංගම ප‍්‍රාදේශීය වැඩපොළ අසලින් දඹුල්ල – කුරුණෑගල මාර්ගයට ඇතුල්කිරීමට සැරසුණු අවස්ථාවේදී යම් කාර්මික දෝෂයකට ලක් වී ඇති බවට පොලිසිය සැකකරයි. එහිදී රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති ටිපර් රථය අධික වේගයෙන් පසුපසට ධාවනය වූ බවත්, එම අවස්ථාවේදී පසුපසින් පැමිණි වෑන් රථයෙහි ගැටුණු ටිපර් රථය, වෑන් රථය සමග තල්ලු වී මාර්ගය අයිනේ පිහිටි ගෙමිදුලකට කඩා වැදී නතර වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ වයඹ ටුඩේ වෙත කීහ.

අධික බරකින් යුත් ලොරි රථයට යටවීම නිසා වෑන් රථය පොඩි පට්ටම් වී ගොස් තිබූ අතර එහි රියදුරු ලේ ගලන තුවාල සහිතව සුන්බුන් අතර සිර වී සිටිනු දැකගත හැකි විය. රියදුරු අසුන තුළ සිර වී සිටි රියදුරු ඉන් පිටතට ගැනීමට ප‍්‍රදේශවාසීන්ට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදු වූ අතර බැකෝ යන්ත‍්‍ර කිහිපයක් යොදවා ලොරි රථය ඉවත්කිරීමට ගත් සියලු උත්සාහයන්ද ව්‍යර්ථ විය. අනතුරුව එම ස්ථානයට ගෙන් වූ සුවිසල් ජංගම දොඹකරයක ආධාරයෙන් ටිපර් රථය එම ස්ථානයෙන් මදක් ඉවතට තල්ලු කර එතෙක් වේලාවක් වෑන් රථයෙහි සිරවී සිටි රියදුරු එළියට ගැණුනු නමුත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේය. රියදුරු වෑන් රථයෙන් එළියට ගන්නා අවස්ථාව වන විට අනතුර සිදු වී පැයකට වැඩි වේලාවක් ගත වී තිබිණි. අනතුර සිදුවන අවස්ථාව වන විට වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙකු සුඵ තුවාල පමණක් ලබා දිවි බේරාගැනීමට සමත් වී තිබේ. මෙම අනතුරින් නිවසක තාප්පයක් සහ ගේට්ටුවක්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප – නිරෝෂන් ජයතිස්ස 

අනතුරට පත් වෑන් රථය සුන්බුන් ගොඩක් බවට පත් වී තිබූ අයුරුgattuwana_accident_01 gattuwana_accident_03 gattuwana_accident_04
වෑන් රථ රියදුරු වෑන් රථය තුළ සිර වී සිටි අයුරු.gattuwana_accident_05
බැකෝ යන්ත‍්‍ර යොදා ලොරි රථය ඉවත් කිරීමේ උත්සාහයක්gattuwana_accident_06 gattuwana_accident_08
වෑන් රථ රියදුරු එළියට ගැනීමෙන් පසු රෝහලට ගෙනයමින්gattuwana_accident_07

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article