කාර්මික දෝෂයකට ලක් වූ ටිපර් රථයක් මාර්ගයේ පසුපසට ධාවනයවීම නිසා ඊට යටවුණු වෑන් රථය රියදුරෙකුගේ ජීවිතය ගලවාගැනීම පිණිස ගැට්ටුවාන ප්රදේශවාසිහු අද දහවල් මහත් පරිශ්රමයක් දැරූහ.
පැයකට වැඩි වේලාවක් තිස්සේ ප්රදේශවාසීන් විසින් දැරූ උත්සාහයන් මල්ඵල ගන්වමින් වෑන් රථයේ සුන්බුන් අතර සිර වී සිටි වෑන් රථ රියදුරු එළියට ගත් නමුත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේය.
එහි වීඩියෝව පහතින් දැක්වෙයි.