Sunday, November 24, 2024

තාරකා ඉබ්බන් කොටුකරගත් පුද්ගලයෙක් පොලීසියට කොටුවෙයි

Must read

05(6) පසුගියදා විදෙස් රටවල් වලට පැටවීම සදහා තාරකා ඉබ්බන් 85 දෙනෙකුව ළග තබා ගෙන සිටි සැකකරුවෙකුව මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත්වරයා 08 වැනිදා සවස නියෝග කළේය. මෙම පුද්ගලයා   බත්තුළුඔය – හිජ්රා නගර් පදිංචිකරුවෙකු වන අතර විවිධ ප්‍රමාණයේ තාරකා ඉබ්බන් ළග තබා ගෙන සිටින පුද්ගලයෙකු පිළිබදව වූ තොරතුරක් 08 වැනිදා දහවල් උඩප්පුව පොලීසියේ නිලධාරීන්ට තොරතුරක් අනුව උඩප්පුව පොලීසියේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත. සැකකරුගේ නිවසේ විශේෂයෙන් සාදන ලද කූඩුවක රදවා සිටි විවිධ ප්‍රමාණයේ තාරකා ඉබ්බන් 85 දෙනෙකුව එහිදී සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

වද වී යන සත්වයෙකු ලෙස හදුනා ගෙන ඇති තාරකා ඉබ්බන් ළග තබා ගැනීම,  ප්‍රවාහනය සහ අලවිය වන ජීවී හා වෘක්ශලතා ආඥා පනත අනුව තහනම් වේ. නමුත් ඇතැම් පුද්ගලයින් මෙම තාරකා ඉබ්බන් තමන්ගේ ගෙවතු තුළ රදවා ගැනීමට කැමැත්තක් දක්වති.ඒ තාරකා ඉබ්බන් වාසනාව ගෙන දෙන සතෙකු බවට ඇති විශ්වාස නිසාය.13(5)

මේ අතර,තවත් පිරිසක් තාරකා ඉබ්බන් හොර රහසේ විදෙස් ගත කිරීමේ ජාවාරමකද නිරත වේ.තාරකා ඉබ්බාගේ ප්‍රමාණය අනුව විවිධ මිළ ගනන් වලට මිළදී ගැනීම සහ අලවිය සිදු කරන බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

උඩප්පුව පොලීසිය විසින් තම බාරයට ගෙන ඇති 07(4)ඇති තාරකා ඉබ්බන් ආරක්ෂිත මුදා හැරීම සදහා පුත්තලම වන ජීවී නිලධාරීන්ට බාර දෙන ලෙසද පුත්තලම මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදි.  උඩප්පුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ජී.සී.ආර්.ගුණතිලක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන වික්‍රමසිංහ,ගාමිණී සහ පොලිස් කොස්තාපල් 75189 සිරි බණ්ඩාර යන නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.


ඡායාරූප – ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article