(10.31pm) අද (31 ) වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර සීටියි. මෙම පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථනයක නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන බවත් ඔවුන් කලින් හඳුනාගත් කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ පිරිසටම අයත් කොටසක් බවද සෞඛ්‍ය අංශ වාර්තා කර ඇති බව රජයේ නිල මාධ්‍ය වෙබ් අඩිවිය විසින් ප්‍රකාශ කර තිබේ.
මේ අනුව අද (31) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 20ක් වර්තා වී තිබේ. අද සවස 4.15 වනවිට කොරෝනා ආසාදිතයින් 10ක් වාර්තා වී තිබුණි. ඒ අනුව මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් තිබේ.