Saturday, January 18, 2025

තවත් කිරි අම්මලා දෙ‍දෙනෙකුගේ දිවි බේරෙයි.

Must read

දොඩම්ගස්ලන්ද, තෙලඹුගල්ල ප‍්‍රදේශයේ පිහිටි ගව ඝාතකාගාරයක් තුළදී බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය වන අයුරින් මස් කිරීමට සූදානම් කර සිටි බව කියන එළදෙනුන් දෙදෙනෙක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වයඹ පළාත් දිසා දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීහු ඊයේ (23 දා ) සමත් වූහ.

මෙම ගව ඝාතකාගාරයක තුළදී නීති විරෝධී අයුරින් ගවයින් මරා මස් කිරීම කලක් තිස්සේ සිදු කෙරෙන බවට වයඹ පළාත් දිසා දූෂණ වැටලීම් ඒකකයට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් ඊයේ උදෑසන එම ගව ඝාතකාගාරය වටලනු ලැබීය.

ඝාතනය කිරීම සදහා අත් කකුල් බැඳ දමා සිටි එළදෙනුන් දෙදෙනෙකු එහිදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම දෙනුන් පැටවුන් බෝ නොකරන සතුන් බවට පශූ වෛද්‍යවරයෙක් විසින් සහතික කර නොතිබූ බවද පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් එළදෙනුන් සහ සැකකරුවන් ඊයේ කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

වයඹ හා උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ පුත්තලම හා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත වයඹ පළාත් දිසා දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නන්දන බණ්ඩාර මහතා ප‍්‍රමුඛ පොලිස් සැරයන් වන උපතිස්ස (21638) , තිලකරත්න (31043) , පොලිස් කොස්තාපල් සමන් (58733) , ජයසිංහ (30830 ), මධුසංඛ (66071) , පරකුඹුර (66681) , සරත් (60377) , පොලිස් කොස්තාපල් රියදුරු නිරෝෂන් (1073) යන නිලධාරීහු විසින් වැටලීම සිදුකළහ.

ඡායාරූප සහ විස්තර – ඉබ්බාගමුව සම්පත් සෙනෙවිරත්න pic

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article