පොල්පිතිගම, තම්බුව ප්‍රදේශයේ සිල්ලර බඩු වෙළදසැලක අද (22) අඵයම් කාලයේදී හටගත් හදිසි ගින්නකින් එම වෙළදසැලෙහි ගබඩා කර තිබූ භාණ්ඩද සමග සම්පූර්ණ වෙළදසැලම දැවී විනාශ වී තිබේ.
ව්‍යාපාරික කටයුතු අවසන්වීමෙන් පසුව ඊයේ රාත්‍රියේ වසාදැමුණු මෙම වෙළදසැල ගිනිගෙන විනාශ වී ඇති බව එහි හිමිකරුවන් විසින් දැක ඇත්තේද අද උදෑසන කාලයේදී බව වාර්තාවෙයි. මෙම වෙළදසැල තුළ ගබඩා කර තිබූ ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩ ඇතුලු සියලු භාණ්ඩ ගින්නට හසුව අඵ වී ගොස් ඇති අතර ගින්නෙන් රුපියල් ලක්ෂ නවයක පමණ අලාභයක් සිදුව ඇති බවට වෙළදසැල් හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
ගින්න පිළිබදව සැකකටයුතු තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇති බැවින් ගිනිගත් වෙළදසැල් ගොඩනැගිල්ලට පොලිස් නිලධාරින් විසින් අද උදෑසන මුද්‍රා තබනු ලැබූහ. පොල්පිතිගම පොලිසිය ගින්න පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ගිනි ගැනීමට ලක් වූ වෙළදසැල ( ඡායාරූප අනුග්‍රහය – ලහිරු දිල්ශාන් )