Saturday, January 18, 2025

තබ්බෝව,රාජාංගනය සහ දැදුරුඔය ජලාශ වල වාන් දොරටු ඇරේ

Must read

01(5)

තබ්බෝව,රාජාංගනය සහ දැදුරුඔය ජලාශ වල වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 01 බැගින් විවෘත කර ඇත. එම දොරටු වලින් තත්ත්පයරට ජලය ඝන අඩි 900 ක් නරිඔයට මුදා හැරේ. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 3 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර,ඉන් තත්ත්පරයට ජලය ඝන අඩි 6200 ක් දැදුරුඔයට මුදා හැරේ.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් මේ වන විට විවෘත කර ඇත.දොරවල් 02 ක් අඩි 06 බැගින්ද,දොරවල් 6 ක් අඩි 04 බැගින් සහ දොරවල් 4 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත.එම දොරවල් වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 12,250 ක් කලාඔයට මුදා හැරේ.මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.එළුවන්කුලම ප්‍රදේශයේදී කලාඔය ගලා යන සපත්තු පාලම අසල ස්ථාපනය කර තිබූ නාවුක හමුදා කදවුරද මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි. 03(2)

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article