පුත්තලම – කල්අඩිය ප්‍රදේශයේ සැරිසරන ‘තනි දළයා’ නමින් හදුන්වන වන ඇතා නිරන්තර ප්‍රධාන මාර්ගයට පිවිසීම නිසා ගමනා ගමන කටයුතු වලට බාධා සිදු වන බව ප්‍රදේශවාසීන් සදහන් කරයි. පසුගිය පොසොන් පොහොය දිනයේ මෙම වන ඇතා පුත්තලම – කුරුණෑගල මාර්ගයේ පිහිටි තම්බපණ්ණී නාවුක හමුදා කදවුර ආසන්නයේ ඇති වනාන්තරයේ සිට ප්‍රධාන මාර්ගයට අවස්ථා කීපයකදීම පිවිසෙන බවක් දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීන් පවසති. මෙම හේතුව නිසා ඇදිරි නීතිය පනවා තිබූ දිනයක් වූ 05 වැනිදා අත්‍යාවශ්‍ය සේවා කටයුතු නිම කර ආපසු නිවසේ බලා ගමන් කරමින් සිටි පිරිස් දැඩි අපහසුතාවයකට පත්වී ඇත.
ජුඩ් සමන්ත.