Friday, November 22, 2024

ඩයි දැමු රතුහාල් ගැන වෙන්නප්පුවේත් පැමිණිලි..??

Must read

 

red rice 2

දියවැඩියා රෝගීන්ට උචිත බව වෛද්‍ය වරුන් විසින් නිර්දේශ කරන රතුහාල් ව්‍යාජ ලෙස විවිධ රසායනික ඩයි වර්ග ගම් වර්ග කලවම් කර සකසා වෙන්නප්පුව ප්‍රදේශයේ බොහෝ වෙළඳ සැල්වල අලෙවි කරන බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති මෙම ජාවාරම හාල් නිෂ්පාදකයන් විසින් කරන්නක් බවත් එහෙත් වෙළඳ සැල් හිමියන්ට තමන් විකුණන භාණ්ඩය පිළිබඳව වගකීමක් තිබිය යුතු බව පෙන්වා දෙන පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ එක් රෝගයක් මැඩ පැවැත්වීමට මෙම හාල් පාරිභෝජනය කිරිමෙන් තවත් භායනක රෝග ගණනාවක් මතු විය හැකි බවයි මෙම රතුහාල් ජාවාරම පිළිබඳව වගකිවයුතු ආයතන වලට දැනුම් දුන්නත් මෙතෙක් එයට විසඳුම් ලැබි නොමැති බව ඔවුන් පෙන්වා දෙති තමන් විසින් මුදල් ගෙවා වස විෂ පාරිභෝජනය කිරිම පිළිබඳව පාරිභෝගික ජනතාවත් මෙයට වඩා දැනුවත් විය යුතු බව පවසන ඔවුන් වැඩි දුරටත් පවසා රටේ ජනතාව පිළිබඳව සත්භාවයෙන් කතා කරන හා සෞඛ්‍ය සම්පන්න පරපුරක් ගැන පාරම්බාන දේශපාලන නායකයන්ගේ හා බළධාරින්ගේ අවදානයට මෙම කරුණ ඉක්මනින් යොමු විය යුතු බව ඔවුන් පවසති නම හෙළි කිරිමට අකමැති ගෘහණියක් එම හාල් ජවාරම පිළිබඳව මෙසේ කීය බොහෝ වෙළඳ සැල්වල මෙම ජවාරම සිදු වෙනවා මෙම හාල් හෝදද්දි අපේ අත්වල රතුපාට ගම් එකක් වගෙ ඇලෙනවා ඒ වගේම තම හොදලා ඉවර වෙද්දි රතු හාල් එක සුදු වෙලා අපිට ගිහින් වෙළඳ සැල් වලට මේවා කියන්න බැ එත් බළධාරින්ට වගෙම රටේ නායකයන්ට වගකීමක් තියෙනවා තමන්ගේ රටේ ජනතාවට වස විෂ කවන ජවාරම් කරුවන්ට විරුද්ධව ක්රියා කරන්න මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය සෞඛ්‍ය නිළධාරි වෛද්‍ය පි අර් පි පෙරමුණ මහතා මෙසේ පැවසීය ඇත්තටම මෙම ව්‍යාජ ලෙස සකසන රතුහාල් ජාවාරම ලොකු ව්‍යසනයක් අපිත් අපේ ආයතනික මට්ටමින් මේ පිළිබඳව අවදානයකින් ඉන්නවා එත් යම් පාරිභොගිකයෙක් මෙවැනි හාල් විකුණන වෙලඳ සැල් පිළිබඳව පැමිණිල්ලක් කලොත් අපිට පුලුවන් එම වෙළඳ සැල් පරික්ෂා කරන්න හා එම හාල් විකුණන වෙළඳ සැල හිමියන්ට නීති මාර්ගයෙන් කටයුතු කරන්න
චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව

Chandana Fernando's photo.
Chandana Fernando's photo.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article