Saturday, January 18, 2025

ජාතිවාදය දේශපාලන අරමුණු සඳහා භාවිතා කිරීමට ඉඩ නැහැ – කැබිනට් ප්‍රකාශක

Must read

ජාතිවාදය කවර හෝ දේශපාලන අරමුණක් සඳහා භාවිතා කිරීමට කිසි විටෙක ඉඩ නොදෙන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීය.
ජාතිවාදය ඉස්මතු වි ලේ වැගිරීම් සිදුවන ගැටුමක් බවට පත් වීමට ඉඩ නොදි මේ මොහෝතේදී මේ පැන නගින ජාතිවාදය මුලුමනින්ම පරාජය කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ පුරවැසියාට වග වන නව නීතියන් ගෙන ඒමට සුදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
නමුත් නව නීති ගෙන ආ සැනින් ජාතිවාදය පරාජය කිරීමට නොහැකි බවත් පෝලිසීය විමර්ෂණය කරමින් ඒක් එක් පවතින නීති යටතේ නඩු ගොනු කිරීමට සිදුවන බවද පැවසු අමාත්‍යවරයා,රටේ ජාතික සමගිය කඩාකප්පල් කර තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමට සූදානම් වන්නන් සඳහා ඉඩක් නොමැති බව ද වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article