Saturday, January 18, 2025

ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන මහින්ද කට අරී !

Must read

upfarally 01 copyජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම කවුරුවත් බලාපොරොත්තු නොවූ දෙයක් බවත්, ඉල්ලපු නැති දෙයක් ලබාදීම තුළ අනාගතයේදී වෛරයක් ඇතිවීමට ඉඩ ඇති බවත් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06 දා ) පොල්පිතිගමදී පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පොල්පිතිගම, පෙතියාගල පුරාණ රාජමහා විහාරස්ථානයේ අභිනව බෝධි ප‍්‍රාකාරයට මුල්ගල් තැබීම වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවැති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

වැඩිකල් යන්න කලින් අපේ දරුවෝ දෙමළ භාෂාව ඉගෙනගෙන ජාතික ගීයත් ගයයි. මම හිතනවා මේක ජනතාව ඉල්ලපු නැති, කවුරුවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. මෙතැන ඉන්න අපේ මුස්ලිම් මන්ත‍්‍රීවරයෙක් වගේම දෙමළ මන්ත‍්‍රීවරයෙකුත් මට කතා කරලාකිව්වා අපේ සිංහල සහෝදරවරු එක්ක කතාකරන්නවත් අපිට ලැජ්ජයි, නැති ප‍්‍රශ්නයක් ඇති කරගත්තා කියලා. ඉල්ලපු නැති දෙයක්, බලාපොරොත්තු නැති දෙයක් දීම තුළ සමහරවිට අනාගතයේදී වෛරයක් ඇතිවෙන බව අපිට පේනවා. දෙපැත්තෙන්ම. එක පැත්තක උදම් අනනකොට, අනිත් අය ඉන්නේ ඒකෙන් වේදනාවට පත්වෙලා. සංහිදියාව ඇති කරන්න ගිහිල්ලා, සංහිදියාව නැති කරගත්තාදෝයි මට සැකයක් ඇති වෙනවා.

පොල්පිතිගම වීරරත්න බණ්ඩාර  

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article