ජලභීතිකාවෙන් සහ වීදිවල දුක්විදින සතුන්ගෙන් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් බව්බව් අපේ දායකත්වයත් ලබාදෙන්න පුළුවන් උනා, ඒ බව්බව් මගදිගට ප්‍රතිකාර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වෙන ජලභීතිකා එන්නත් ලබාදීමේ සහ වන්ද්‍යාකරන සැත්කම් කිරීමේ වැඩසටහන මගින්.
අපේ රටේ වීදිවල කල් ගෙවන සතුන් ක්‍රමවත් පාලන ක්‍රමයක් තවමත් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති නිසා මේ අයගෙ ගහණය වැඩිවීමක් දකින්න පුළුවන්, ඒක සමාජ ගැටලුවක් දක්වා දුරදිග ගිය ගමන් මිනිසුන්ගේ පැමිණිලි මත ඊලගට ගන්න ක්‍රියාමාර්ගය වෙන්නෙ මේ අයව සමූල ඝාතනය කරන එක
ඒ ගැටලුව ඇති නොවෙන්න ගන්න පුළුවන් හොදම සහ මානුෂීයම ක්‍රියාමාර්ගය වෙන්නෙ මේ අය වන්ද්‍යාකරන සැත්කම් වලට යොමු කරල ගහණය පාලනය කරන එක, ඉතාමත් අඩු කාල සීමාවක ගැබ් ගැනීමකින් සුනකයන් සහ පූසන් පැටව්න් බිහිකරාට පස්සෙ ගොඩක් දෙනෙක් කරන්නෙ ඒ පැටව්න්ව මහපාරට කැලෑවකට විසිකරන එක පස්සෙ ඒ අයත් ගොඩක් දුක්විදිනව, බව්වො 50ක් වන්ද්‍යාකරනය කරනකොට දුක්විදින ජීවිත 1000කට වඩා පිහිට උනාවගේ තමයි,
කුරුණෑගල හිරිපිටිය ඒ වගේ හරි හමන් කෑමක් බීමක් නැතුව බව්වො ගොඩක් ඉන්නව කියල ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලෑස්ති කරල අපිට ආරාධනා කරපු Shiru Gamage අයියටත් වෛද්‍ය Devinda ඇතුලු කාර්‍යමණ්ඩලයට BawBaw Animal Welfare Vice President Iresha Anderson සහ ඒ වටා එකතු උන පිරිසට වචනෙකින් හරි සහයෝගය දීපු හැමෝටම බොහොම ස්තූතියි.
අපි ගාව ඉතිරිවෙලා තිබුණ දිලිසෙන කරපටිත් මේ අය වෙනුවෙන් පලදවන්න කටයුතු කලා.