(11.45 am ) දේශපාලන උනන්දුවක් ඇති රටේ බහුතරයක් දෙනා මේ දිනවල කථා කරන මාතෘකාවක් ඇත. එනම් ජනපති සිරිසේනගේ පසුගිය දා කථාව සහ ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහගේ කථාව ගැනය.
මේ වන විට සාමාජ මාධ්‍ය වලදි වැඩියෙන්ම පිචං වු කෙනා බවට ජනපති සිරිසේන සිය පක්ෂ සම්මේලන කථාවෙන් පසු පත්ව තිබේ.
බහුතරයක් සමාජ මාධ්‍ය අවකාශයේ සටහන් අතර ලියැවුනේ ජනපති මානසික ව්‍යාධියකින් පෙළෙන ලකුණු පහල වි ඇති බවක් ගැනය.
රට දැන් බරපතල අර්බුදයකය. යහපාලන රජය විසින් ගොඩනගාගත් සියළු ප්‍රගතිශිලි වර්ධනයන් දැන් ආපස්සට යමින් තිබේ.
ජනපති සිරිසේනත් ,රාජපක්ෂලාගේත් මේ සකලාකාර මගෝඩි ගැන රටපුරා පුරවැසියෝ පෙළගැසෙමින් සිටිති. ඒ මේ රට තුල නැවත ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර ගැනිම සදහාය.
කරුණෑගල සිවිල් ක්‍රියාකාරින්ගේ හමුවට ශක්තිය සපයමින් ජනතා ගායක ජයතිලක බණ්ඩාර සිය බියෙන් අත්මිදෙමු ප්‍රසංගය ඉදිරිපත් කළේය.
නීතිඥ ප්‍රබෝධ රත්නායක එක්ව සිටියේ කුරුණෑගල සිවිල් ක්‍රියාකාරින්ට අද පවතින අර්බුදය ගැන පැහැදිලි කර දිමටය.