කොරෝනා වෛරසය වැළදුන පිලීපීන ජාතිකයෙකු පෙබරවාරි 01 වනදා පිලිපීනයේ මැනිලා හි රෝහලකදී මියගොස් තිබේ. මෙම මරණය කොරෝනා වැලදී චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය වේ. පිලිපීනයේ දී මියගිය මෙම පුද්ගලයා ජනවාරි 25 වන දින මැනිලා හි රෝහලට ඇතුළත් කර සෙනසුරාදා මියගොස් තිබේ. මරණය වාර්තා වූ සැනින් දේවස්ථාන වලට පැමිනි බැතිමතුන් මුහුණු ආවරණය කරගනිමින් පැමිණ තිබේ.
වුහාන් සිට පැමිණ තවත් 38 හැවිරිදි කාන්තාවක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇති බවත් ඇය රෝහලේ ස්ථාවර තත්ත්වයේ පසුවෙන බවත් වාර්තා වේ.
තොරතුරු බීබීසී ඇසුරෙන්