Thursday, November 21, 2024

චිත්‍රාල්ට පුළුවන් වුණාට අප්පුහාමිලාට බැරි ඇයි ?

Must read

chitral-වයඹ පළාත් සභා ඉතිහාසයේ මන්ත්‍රිවරයෙකු විසින් සිය විදෙස් සංචාරයක් ගැන සැකසු එකම වාර්ථාව එජාප පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය දිනක වයඹ පළාත් සභාවේ සභාපතිවරයා වෙත භාරදි තිබුණ බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
ඉංග්‍රිසියෙන් සැකසු මෙම වාර්ථාව පිටු 92 කින් සමන්විතය.
මීට පෙර මන්ත්‍රි සංවාර ගණනාවක් වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරුන් විසින් ගොස් තිබුණද ඒ එකක් ගැනවත් වාර්ථාවක් මෙසේ සැකසි තිබුනේ නැත.
මෙවර වයඹ පළාත් සභාවේ මනාප වලින් පුත්තලම් දිස්ත්‍රික්කයේ අංක එකට පැමිණ තිබුණ එජාප වයඹ පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් මේ වසරේ තායිලන්තය සහ චිනය බලා ගොස් තිබුනේ ඒ ගමන අවලංගු කරන්න යැයි නියෝග පවා ලැබි තිබිදිය.
මහජන ප්‍රශ්ණ වෙනුවෙන් කිසිදු හඬක් නොනගන අප්පුහාමිලා වැනි ජේෂ්ඨ මන්ත්‍රිවරුන් හට චිත්‍රාල් ප්‍රනාන්දු වැනි තරුණ නවක මන්ත්‍රිවරුන්ගෙන් උගත හැකි පාඩම් බොහෝ වුවද කිසිදිනකත් ඒ අය එසේ ඉගෙන නොගන්නේ ජනතා සේවය යන්න ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්හි ඇත්තේ අගට නිසාය.
මුලින්ම ඇත්තේ පවුල සහ ඥාතින්ය දෙවනුව බිස්නස්ය.
ජනතාවට වග කියන දේශපාලනයක් කරන්නට අප්පුහාමිලා වැනි එජාපයේ බහුතරයක් මන්ත්‍රින් හට  බැරි වන්නේ ඒ නිසාවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article