Saturday, January 18, 2025

ඝාතනය වූ කතගේ නිවසේ සිටි හමුදාවෙන් පලා ආ සෙබළා ඇතුළු තවත් කාන්තාවක් අතුරුදහන්

Must read

 

 

06

 

නිවසක් තුළ දී ඝාතනයට ලක්ව සිටි කාන්තාවක්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරණ ලෙස හලාවත දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට 02 වැනිදා දහවල් නියෝග කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – කුමාරකට්ටුව පදිංචිව සිටි මාරසිංහ ආරච්චිගේ සෝමාවතී (අවු:63) නම්වූ දෙදරු මවකි.

ඇයගේ අවිවාහක දියණිය ඊශ්‍රායලයේ සේවය කරමින් සිටින අතර,එකම පුතා විවාහ වී ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව ප්‍රදේශයේ පදිංචිවී සිටී.සැමියා දරුවන් කුඩා කාලයේදීම ඇය අතහැර ගොස් ඇත.ඔහු මෑතකදී මිය ගොස් ඇති බව අසල්වැසියන් සදහන් කළේය.ඇයගේ නිවසේ කිසියම් නොහදුන්න කාන්තාවක් මෑතකදී සිට ඇති බවද අසල්වැසියන් දැක ඇත.එමෙන්ම යුධ හමුදාවෙන් පලා විත් සිටින අයෙකු සමග ඝාතනයට ලක්ව ඇති කාන්තාව සමීප ඇසුරක් පවත්වා ඇති බවද විමර්ශණ වලදී හෙලිවී ඇත.ඔවුන් දෙදෙනාම මේ වන විට අතුරුදහන්වී ඇත.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව මුදල් පොලියට දීම සහ රන් භාණ්ඩ උගස් ගැනීම සිදු කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

පසුගිය සිකුරාදා (28) පෙරවරුවේ ඝාතනයට ලක්ව ඇති කාන්තාව නිවසේ සිටින ආකාරය අවට පදිංචි කාන්තාවන් දෙදෙනෙකු දැක ඇත.02 01 Marasingha Arachchige Somawathi

01 වැනිදා සවස කැමාරකට්ටුවේ පදිංචි අයෙකු විසින් ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ පුතාට දුරකතන ඇමතුමක් ලබා දී දැණුම් දී ඇත්තේ මව නිවසේ පෙනෙන්නට නොමැති බවය.පසුව පුතා විසින් තම මවට දුරකතන ඇමතුම් කීපයක් ලබා ගෙන ඇති නමුත් ඊට ප්‍රතිචාර ලැබී නැත.01 වැනිදා රාත්‍රීයේ පුතා මවගේ නිවසට පැමිණ ඇය සම්බන්ධයෙන් සොයා බලා ඇත.නිවසේ සියළුම දොර ජනෙල් වසා දමා තිබීම නිසා ඔහු වහළයේ උළු ඉවත් කර බලන විට කාමරයක් තුළ මිය ගොස් සිටින මවගේ සිරුර දැක ඇත.පසුව ඔහු විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැණුම් දීමට කටයුතු කර ඇත.

පොලීසිය විසින් පැමිණ සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් ඇති කාන්තාවගේ හිසේ දකුණු පස විශාල තුවාලයක් දක්නට ඇති බවය.ඒ අනුව සිදුවී ඇත්තේ ඝාතනයක් බවට සැක කළ පොලීසිය විමර්ශණ කටයුතු ආරම්භ කරන ඇත.

මළ සිරුර තිබූ නිවසට පොලිස් නිල සුනඛයින්ද ගෙන්වා තිබුණි.නමුත් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.ඇගිළි සළකුණු අංශයේ නිලධාරීන් සහ හලාවත පොලිස් කොට්ඨාසයේ අපරාධ නිරීක්ෂණ අංශයේ  ස්ථානාධිති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිරි විජේරත්න මහතා ඇතුළු නිලධාරීන්ද පැමිණ විමර්ශණ කටයුතු සදහා සහාය ලබා දෙන ලදි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දිසා විනිසුරුවරයා විසින් පොලීසියට නියෝග කරන ලදි.

හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරල්ඩ් රොශාන් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article