උල් ආයුධයකින් ඇණ ඝාතනය කළ බවට සැකකෙරෙන අයෙකුගේ මළ සිරුරක් කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි කුණු ඇලක වැටී තිබියදී අද උදෑසන පොලිසිය විසින් සොයාගනු ලැබීය.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක සේවය කළ ලෙස බව කියන මාවතගම, වෑඋඩ ,බණ්ඩාරගලවත්ත ප්‍රදේශයේ පදිංචි ඇන්තනී ලක්ෂ්මන් විජේන්ද්‍ර කුමාර් නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් කළ දැනුම්දීමකට අනුව අදාළ ස්ථානයට පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් මෙම මළසිරුරු සොයාගනු ලැබූහ. උල් ආයුධයකින් ඇණීමෙන් සිදු වූ බවට සැක කළ හැකි තුවාලයක් මළ සිරුරේ උදර ප්‍රදේශයෙහි දැකගත හැකි වූ අතර සිරුරේ වෙනත් තුවාල ඇති බවක් දැක ගත නොහැකි විය.
මළ සිරුර වැටී තිබූ ස්ථානයට අද උදෑසන පැමිණි කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නලින් ජයසූරිය මහතා විසින් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මෘතදේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යවන්නැයි එහිදී නියෝග කළේය.
කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් මෙම ඝාතනය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප
දිලංග මාරසිංහ