Saturday, January 18, 2025

“ගොන් හරකෝ, කණ පලනවා උඹගේ ! “ වයඹ සභානායකගෙන් විපක්ෂ මන්ත්‍රීට තර්ජනයක් !! (VEDIO)

Must read

school_uniform_5වයඹ පළාත් සභාවේ සභානායක චින්තක මායාදුන්නේ මහතා විසින් පුත්තලම ප‍්‍රදේශයේ පාසලකින් පාසල් නිල ඇදුම් වවුචර සදහා සිසුන් වෙත නිකුත්කර ඇතැයි කියන සුදු රෙදි කිහිපයක් සභාවට ගෙනඒම හේතුවෙන් ඊයේ (09 දා) පස්වරුවේ පැවැති වයඹ පළාත් සභාවේ අයවැය විවාදය උණුසුම් මුහුණුවරක් ගත්තේය.

නිල ඇදුම් වවුචර සදහා පුත්තලම ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිනිය විසින් ළමුන් වෙත ‍නිකුත් කර ඇති බව කියමින් සභානායකවරයා විසින් සභාගැබට ගෙනා නිල ඇදුම් රෙදිවලට විපක්ෂ මන්ත්‍රිවරුන් දැඩි ලෙස විරෝධය දක්වන්නටවීම හේතුවෙන්පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය. එම අවස්ථාවේදී “පුත්තලම් බූරුවා, ඉදගන්නවා, වාඩිවෙනවා “ වැනි වචන සභාව පුරා රැව් දෙන්නට වූ අතර චින්තක මායාදුන්නේ මහතා විසින් එක් අවස්ථාවකදී විපක්ෂ මන්ත්‍රිවරයෙකුට “ගොන් හරකෝ, කණ පලනවා උඹගේ “යැයි තර්ජනයක්ද කළේය.විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් එය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් සභානායකවරයා විසින් එය ඉල්ලා අස්කරගත් බවක් දක්නට නොලැබිණි.

වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පසුගිය 06 වැනිදා වයඹ පළාත් සභාවට අයවැය ඉදිරිපත් කළ අතර පුරා දින 4 ක් තිස්සේ ඒ පිළිබද විවාදය පැවැත්වීමෙන් පසුව 2017 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය වැඩි ඡන්ද 45 කින් සම්මත විය. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නාමල් කරුණාරත්න මහතා පමණක් ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය.

සභාව උණුසුම් වූ අවස්ථාව සහ චින්තක මායාදුන්නේ මහතා විපක්ෂ මන්ත්‍රිවරයෙකුට තර්ජනය කළ අයුරු පහත වීඩියෝ දර්ශණවලින් දැක්වෙයි.

school_uniform_1 school_uniform_2 school_uniform_3 school_uniform_4


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article