Saturday, January 18, 2025

ගොකරැල්ලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සිසුවාට අසාධාරණයක් සිදුවූ බව පොලිස් කොමිසම පිළිගනියි

Must read

ගොකරැල්ලේ සිසුවා
ගොකරැල්ල පොලසිය විසින් මාස 05කට පෙර රීදිගම පා.ලේකම් කොට්ඨාශයේ පදිංචි ඩී.ඒ.කාංචන ප්‍රගීත් ධර්මතිලක  (19)  නම් සිසුවවාව අත්අඩංගුවට ගත්තේ ගංජා ලඟ තබාගෙන සිටියා යැයි පවසමිනි.  මෙම අත්අඩංගුවට ගැනීම නිසා මෙම සිසුවාට උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ අතර ඔහුව අත්අඩංගුවට ගන්නේ 2020 ඔක්තෝබර් මස 10 වැනිදා විභාගයට දින දෙකකට උඩදීය. පොලීසිය විසින් පවසන්නේ මෙම සිසුවා ලඟ ගංජා තිබුන බවයි. නමුත් අත්අඩංගුවට ගෙන නඩු පවරන්නේ හෙරෝයින් ලඟ තබාගෙන ඇති බවට බී වාර්තාවක් ඉදිරිපත් කරමිනි. පොලීසියේදී ඔහුට පහරදීමක්ද සිදුකර ඇත.  ඔහුට ගොනුකර ඇති චෝදනා අනුව ඔහුට මේ වනතෙක් ඇප ලබාදී නොමැත. තම පුත්‍රයාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ඔහුගේ මව විසින් පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරන අතර ඒ සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් සිදුකරමින් කාංචන ප්‍රගීත් සිසුවාගේ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවත්  එයින් මෙම සිසුවාට අගතියක් සහ අපකීර්තියක් සිදුව ඇති බවත් පොලිස් කොමිසම විසින් ඔහුගේ මවට ලියවිල්ලකින් දැනුම් දී තිබේ. එසේ තිබියදීත් මේ වෙනතෙක් මෙම සිසුවාගේ අසාධාරණක් සිදුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්ද ගෙන නොමැත.  පොලීසිය විසින් සිදුකළ අන්තනෝමතික ක්‍රියාව හේතුවෙන් උසස්පෙළ විභාගයට කලා විෂයන් වලින් පෙනීසිටින්නට සුදානම්ව සිටි ප්‍රදීප්  සිසුවාට උසස් පෙළ විභාගයට පෙනීසිටින්නට හැකියාව නොලැබී යයි. මෙම සිසුවා තවමත් බන්ධනාගාරගතව සිටින අතර ඔහුගේ අනාගතය වෙනුවෙන් ඔහුට ඉක්මනින් සාධාරණය ඉටුවිය යුතුය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article