Sunday, January 19, 2025

ගේට්ටුකරුවන් නැති දුම්රිය හරස් මාර්ගකට ඇතුලුවීමට පෙර සිතිය යුතු කරුණු කිහිපයක් මෙන්න.

Must read

railway_crossing

තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ගන්නා ලෙස ඉල්ලමින් දිවයින පුරා පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු ක්‍රියාකරුවන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

අතිශය සාධාරණයැයි කියන ඔවුන්ගේ ඉල්ලීම ඉටුකරගැනීමටමට වඩා ගෙන ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව ගුණ දොස් සෙවීමට වඩා ඒ ඇසුරින් නොදැනුවත්වම රට තුළ නිර්මාණය වී ඇති භයානක තත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීම අත්‍යාවශයයැයි අප සිතමු.

ගේට්ටු ක්‍රියාකරුවන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් දුම්රිය රියැදුරන් දැනුවත් කර ඇති බවත්, අනාරක්ෂිත හරස් මාර්ග ඇති ස්ථානවලින් දුම්රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙස රියැදුරන් දැනුවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කියන නමුත් අපට ජනතාව වෙත කියන්නට ඇත්තේ තමන් තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගැනීම වඩාත් යහපත් බවය. මක්නිසාද යත් දුම්රිය ගේට්ටුකරුවන් සේවයේ යෙදී සිටියදී පවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හරහා යාමට උත්සාහ කළ වාහන දුම්රියේ ගැටීම හේතුවෙන් සිදු වූ අකල් මරණ ගණනාවක් පිළිබදව පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණු බැවිනි.

එබැවින් ඔබ යමින් සිටින්නේ කොතරම් හදිසි හෝ වැදගත් ගමනක් වුවත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකට වාහනය ඇතුලු කිරීමට පෙර දුම්රිය මාර්ගය පිළිබදව වඩාත් හොදින් සෝදිසි කර බැලීම වඩා යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

හරස්මාර්ග දෙපස වල් බිහි වී තිබීම, වංගු සහිත ස්ථානයන්හි පිහිටා තිබීම, දුම්රිය ළගට එනතෙක් දර්ශණය නොවීම සහ දුම්රියේ හඩ නොඇසීම වැනි පොදු දුර්වලතාවයන් සහිතව බොහෝ දුම්රිය
හරස් මාර්ග පිහිටා ඇති බැවින් විනාඩි කිහිපයක් වැය කර වාහනයෙන් බැස දුම්රිය මාර්ගය නිරීක්ෂණය කළ හැකි නම් වඩාත් අගනේය.

එළැඹ ඇත්තේ අවුරුදු සමය නිසාවෙන්ම ඔබ වාහනයක් අතට ගැනීමට පෙර රිය ධාවනයකට සුදුසු තත්වයක සිටින්නේදැයි දෙවරක් සිතා බැලීම වටී. විශේෂයෙන්ම බීමත් රියදුරෙකු අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකින් ගමන් කරන්නේ නම් එය පවතින අවදානමට වඩා දෙතුන් ගුණයක අවදානමක් බවට පත්වෙයි.

ගමන්කරන්නේ කාර් එකෙන් , වෑන් එකෙන් , යතුරු පැදියෙන්, ත්‍රිරෝද රථයෙන්, පාපැදියෙන් හෝ පාගමනින් වේවා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකින් ගමන් කිරීමේදී ඇත්තේ එකම අවදානම බවද සිහිපත් කරමු.

“පළිබෝධනාශක අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න“යැයි අවවාදයක් මුද්‍රණය කර තිබෙනු සාමාන්‍යෙයන් දැකගත හැකි වන්නේ පළිබෝධනාශක බෝතලවලය. නමුත් උද්ගතව ඇති අනතුරුදායක තත්වය හමුවේ එම අවවාදයේ සුලු වෙනස්කිරීමක් සහිතව “දුම්රිය හරස් මාර්ග අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න“යැයි පළකිරීමට තීරණට කළේ එම තත්වය පිළිබදව ජනතාවට වඩාත් හොදින් අවබෝධ කරවීම පිණිසය.

හිතන්න – දකින්න- සුරැකෙන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article