Saturday, January 18, 2025

ගුරුවරු නැතිව ශිෂ්‍යත්වයට ලියූ නිකවැරටියේ දරුවෝ දිවයිනෙන්ම පළමු තැනට එති.

Must read

nikawaratiya_school1ප්‍රාථමික අධ්‍යාපන විෂය සදහා ගුරුවරුන් 75 දෙනෙකුගේ බරපතල ගුරු හිගයකින් බැටකමින් සිටියදීත්, 2015 ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව දිවයිනේ හොදම අධ්‍යාපන කලාපය බවට නිකවැරටිය අධ්‍යාපන කලාපය තේරී පත් වී තිබේ.

නිකවැරටිය අධ්‍යාපන කලාපය මෙලෙස දිවයිනේ ‍හොදම අධ්‍යාපන කලාපය බවට තේරී පත් වී ඇත්තේ 2015 ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති දර්ශකයන්ට අනුවය.

නිකවැරටිය අධ්‍යාපන කලාපය යනු වයඹ පළාත තුළ පිහිටි දුෂ්කරම අධ්‍යාපන කලාපයක් වන අතර වන අලි ගැටඵව, සනීපාරක්ෂක ජලපහසුම් නොමැතිකම සහ උග්‍ර ගුරු හිගය මෙම අධ්‍යාපන කලාපය තුළ පිහිටි පාසල්වල ඉගෙනුම ලබන බහුතරයක් දරුවන් බහුතරයක් මුහුණ දෙන ප්‍රබල ගැටඵ බවට පත් වී තිබේ. නිකවැරටිය සිසු සිසුවියන්ගේ දෙමව්පියන්ගෙන් බහුතරයක් හේන් ගොවිතැන, කුඹුරු ගොවිතැන, දෛනික කුලී වැඩ වැනි දුෂ්කර වෘත්තීන්ගෙන් සිය ජීවිකාව පවත්වාගෙන යන අය වෙති.

නිකවැරටිය අධ්‍යාපන කලාපය තුළ ප්‍රාථමික අධ්‍යාපන විෂය සදහා ගුරුවරුන් 75 දෙනෙකුගේ හිගයක් පවතින බව පසුගියදා වයඹ පළාත් සභාවේදී අනාවරණය විය.

මීට අමතරව 2015 ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව ගිරිඋල්ල, කුලියාපිටිය සහ කුරුණෑගල යන අධ්‍යාපන කලාපයන් දිවයිනේ හොදම අධ්‍යාපන කලාප දහය අතරට ඇතුළත් වී ඇතැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත අදහස් දැක් වූ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ජී. එන් . තිලකරත්න මහතා පැවැසීය.

ඡායාරූපය – නිකවැරටිය කඩිගාව මහා විද්‍යාලය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article