‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මීටර 500 ත් 600 ත් අතර බටහිර දෙසට ගැඹුරු මුහුදට ඇදගෙන මේ වනවිට අත්හැර ඇති අතර දැනට පැය කිහිපයකට පෙර නැවේ පිටුපස කොටස මුහුදු පතුලේ ගැටීමක් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන ලදී. නැවේ සැලකියුත් ප්‍රමාණයකට බඩු තිබෙන බවත් ඒ අතර තෙල්ද තිබෙන බවත් පරිසරවේදීන් පවසයි. ගිලෙන නැවෙන් තෙල් කාන්දුවක් සිදුවුව හොත් ඒ සදහා නාවික හමුදාව සහ වරාය අධිකාරිය ඇතුළු කණ්ඩායම් කීපයක් සූදානමින් සිටින බවත් මෙම නෞකාව පිළිබඳව කටයුතු කිරීමට ඉන්දීය යාත්‍රා තුනක් ද සූදානමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍යප්‍රකාශකවරයා ප්‍රකාශ කරන ලදී. මේ අතර මෙම ගිලෙන නැවේ ඇති රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිසරවේදී හේමන්ත විතානගේ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ මෙසේයි.
”නැවේ පිටුපස කොටසට වතුර පිරිල තියෙන එක පැහැදිවම මේකෙන් පේනවා වගේම ක්‍රමිකව සම්පූර්ණ නැවම ගිලිල යයි.
මීට පැයකට කලින් නාවික හමුදාව දැන්වුවා නෞකාවෙ පිටුපස කොටස මුහුදු පතුලෙ ගැටුන බවත්, ඒක නිසා ඇදගෙන යාම නතර කල බවත්.
නැවේ මොනවද තිබ්බෙ කියන දේ දැන් එලියට ඇවිත් තියෙනවා. ඒක Hemantha Withanage තියෙන ලිස්ට් එක දැක්කම ඇත්තටම සාගරයට වෙන හානිය ගැන අලුතෙන් අටුවා ටීකා ලියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. නයිට්‍රික් අම්ලය, එතනොල්, සෝඩියම් මෙතොක්සයිඩ්, Dust Urea, Frilled Urea HDPE, LDPE, linear LDPE, Epoxy Resins වගේම ඇලුමිනියම් සැකසුම් පවා ඇතුලත්.
මේ නැව සම්පූර්ණයෙන්ම ගිලි ගියහොත් මේක මේක පස්සෙ කාලෙක කෘතිම කොරල් පරයක් (Artificial Reef) කරන්නවත් බැරි වෙයි. මොකද ඒක ඇතුලෙ මේ බඩු තාම තියෙන නිසා වගේම නැවේ තෙල් ටොන් බර ගාණක් තියෙනවා. ඒවා අයින් කරල තමයි කරන්න වෙන්නෙ. මම දන්න තරමට මෙරට නම් ඒවට පහසුකම් නැහැ. අනික තෙල් කාන්දුවක් උනොත් සහය ගන්න බලාපොරොත්තු වෙන්නෙත් ඉන්දියාවෙන්. ඉතිං අපි ඉන්න තැන ගැන හිතාගන්න පුලුවන් නෙ මේකෙන්.
කියන තරම් යකා කළු වෙන්නෙ ඊලග පැය හෝ දින කිහිපය තුලදි. යකාගෙ හැටියට විමාන හදන්නත් බැහැ දැන්. අනිත් අතින් වන්දිය ගැනත් දැන් විවිධ කතා එනවා. මට පේන්නෙ ලංකාවම වන්දියට විදී වගේ.”