Saturday, September 21, 2024

”ගිනිගත් නෞකාවේ හානිය මුහුදට පමණක් නොවේ , ධිවරයින්ටත් විඳින්නට වෙනවා ”

Must read

අජිත්-ගිහාන්2
(වීඩියෝ) පර්ල් නෞකාව ලංකාවේ මුහුදු තීරය තුළ ගිනි ගැනීමත් සමඟ සිදුවෙමින් තිබෙන හානිය වගේම මේ වනවිට ධීවරයාගෙ දෛනික ජීවන රටාවට එය සෘජු බලපෑමක් එල්ලකරමින් ඇති බවත් එක්සත් ධීවර සම්මලනයේ  සාමාජික අජිත් ගිහාන්  මහතා පවසයි.  නෞකාවේ අපද්‍රව්‍ය හා  නෞකාවේ කොටස් මුහුදු ජලයට එක්වීම හේතුවෙන්  තමන්ට වියහැකි හානිය පිලිබදව තක්සේරු කරගැනීමට ධීවරයින්ට හැකියාවක් නොමැති බවත් ඒ හෙතුවෙන් හලාවත ප්‍ර දේශයේ ධීවරයින් මෙවෙනතෙක් මුහුදු යෑමෙන් වැලකි සිට ඇති බවත්  ඒ මහතා අවධාරණය කර සිටියි.  නෞකාවේ ගිණිගැනීමත් එයින් ධිවරයින්ට මුහුණදිමට සිදුවන  විපත්තිය ගැනත් ප්‍රකාශය කරමින් ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ ජවිපෙ මන්ත්‍රී  අජිත් ගිහාන් මහතා ප්‍රකාශයක් කර තිබේ.
ආණ්ඩුව පවසන්නේ මෙම නෞකාව ගිනී ගැනීම හේතුවෙන් මුහුදට හා වෙරළ සම්පත් වලට සිදුවූ හානියට විශාල වන්දියක් ලබාගන්නා බවයි.  මේ අකාරයට ධීවර ජනතාවට තව  කොපමණ කලක් ධීවර රැකියාවට නොයා සිටීමට සිදුවේදැයි අපට කියන්න බැහැ. පුත්තලම  දිස්ත්‍රික්කය  ධීවර ක්ෂේත්‍රෙය් විශේෂ තැනක් ගන්නවා.   ඉස්සන් කර්මාන්තය අතින් රටට සැලකියයුතු විදේශ විනිමයක් ලැබෙනවා.  ඉස්සන් කර්මාන්තය මෙන්ම ලුණු නිෂ්පාදනකිරීම අතින් පුත්තලම විශේෂයි. මෙම නෞකාවේ ප්‍රශ්නය නිසා පුත්තලම් දිස්ත්‍රික්කයේ ධීවරායාත් පසුබෑමකට අද ලක්ව තිබෙනවා. ඒ වෙනුවෙන්  රජය ධීවර ජනතාවට වන්දි මුදලක්  ලබාදිය යුතුයි. රජය ලබාගැනිමට යන වන්දිය මේ වෙරළ පරිසරයට වූ හානියට මෙන්ම  ධීවර ජනතාවට සිදුවී ඇති පාඩුවට ලබාදෙන ලෙස අප රජයෙන් ඉල්ලා  සිටිනවා.

 

 

https://www.facebook.com/111214307013498/videos/980393866047166

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article