Saturday, November 23, 2024

ගැට්ටුවානේ දැව පෝරණුවක ගින්නකින් ලක්ෂ පහළොවක දැව විනාශයි.

Must read

කුරුණෑගල, ගැට්ටුවාන ප‍්‍රදේශයේ පිහිටි දැව වියළීම සදහා යොදාගන්නා පෝරණුවක අද දහවල් ඇති වූ හදිසි ගින්නකින් එහි වියළමින් තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා දැව තොගයක් ගින්නට හසුව විනාශයට පත් විය.

අද දහවල් 12 ට පමණ හටගත් මෙම ගින්න පස්වරු 3 පමණ වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සේවකයින් සමත්වූහ.

කුරුණෑගල පොල් වවන්නන්ගේ සමූපකාර සමිතියට අයත් මෙම දැව වියළීමේ පෝරණුව ව්‍යපාරිකයෙකු විසින් බදු පදනම මත ලබාගෙන පවත්වාගෙන යන එකකි. අද උදෑසන මෙම පෝරණුවට දැව තොගයක් ඇතුළත් කර සාමාන්‍ය පරිදි වියළමින් පැවැති බවත් එක්වරම පෝරණුව ගිනිගන්නට වූ බවත් එහි කළමනාකාරවරයා වයඹ ටුඩේ වෙත පැවසීය. පෝරණුවේ තිබූ දැව වියළමින් තිබුණේ සම්මත උෂ්ණත්වයන් යටතේ බවත්, මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පෝරණුවේ උෂ්ණත්වයද ඉහළයාමෙන් ගින්න ඇතිවන්නට ඇති බවට සැකකරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. පෝරණුවට ඇතුළත් කර තිබූ දැව තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ පහළොවක් පමණ වන බවත්, එම දැව තොගයම යළි භාවිතා කළ නොහැකි අයුරින් විනාශ වී ගොස් ඇති බවද කළමනාකාරවරයා පැවසීය.

timbert_fire4 timbert_fire3 timbert_fire5 timbert_fire1 timbert_fire6 timbert_fire8 timbert_fire9 timbert_fire10 timbert_fire11

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article