Saturday, January 18, 2025

ගංවතුර බලන්න ගිය කුරුණෑගල නගරාධිපතිට විල්ගොඩ ලැයිමෙන් කණ පැලෙන හූවක් ! (VIDEO)

Must read

mayor_wilgodaකුරුණෑගල, විල්ගොඩ පිහිටි නාගරික කම්කරු නිවාස  ඉතා කුඩා වර්ෂාවකදී පවා ජලයෙන් යටවීම මේ වන විට සුලබ තත්වයක් බවට පත්ව තිබේ.

මෙම නිවාසවල වාසය කරන අයගෙන් බහුතරයක් කුරුණෑගල මහ නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරන අතර ජීවත්විම සදහා අවශ්‍ය කරන අවම පහසුකම් හෝ නොමැති පරිසරයක් තුළ  මෙම දමිළ ප්‍රජාව පීඩාකාරී ජීවිතයක් ගෙවාදමමින් සිටින්නේ අදක ඊයෙක සිට නොවේ. මෙම ජනතාවගේ ප්‍රයෝජනය සදහා බව කියමින් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සදහා පසුගිය කාලයේදී මුල්ගල් තැබුණු නමුත් අද වන විට එම ව්‍යාපෘතියටද සිදු වූ දෙයක් නැත.

මේ වන විට කුරුණෑගලට ඇදහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව  හේතුවෙන්  විල්ගොඩ ලැයිම ලෙස හදුන්වන මෙම ප්‍රදේශය සුපුරුදු පරිදිම ජලයෙන් යට වී ගිය අතර ඒ හේතුවෙන් විල්ගොඩ  තුළ ජීවත්වන පවුල් සියයකට පමණ අයත් පිරිස්  අවතැන් වී සිටිති.

ඊයේ දිනයේදී ඉවසීමේ සීමාව ඉක්මවා ගිය විල්ගොඩ ප්‍රදේශවාසීන් කුරුණෑගල – විල්ගොඩ මාර්ගය අවහිර කරමින් ඊයේ දහවල් විරෝධතාවයක යෙදුණේ  ලැයිම් නිවාස වෙනුවට තමන්ට ස්ථිර වාසස්ථානයක්  ලබාදෙන  ලෙස ඉල්ලමිනි.   එහිදී  එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වූ අතර විරෝධතාවය සංසිදවනු පිණිස පොලිසියේ ඇරැයුම පරිදි කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතා එහි පැමිණියේය.

නමුත් වෙනදා මෙන්  නගරාධිපති ගාමිණී පෙරමුණගේ කියූ දෙයට සවන්දෙන්නට විල්ගොඩ වැසියන් සූදානම් නොවූ අතර එහිදී නගරාධිපතිවරයාට ප්‍රදේශවාසීන් වෙතින් දැඩි  විරෝධයක් එල්ල විය.  ඡන්දය ඉල්ලාගෙන නැවත වතාවක් විල්ගොඩ ලැයිමට එන්නට එපා යැයි නගරාධිපතිවරයාගේ මූණටම කී විල්ගොඩ වැසියන් පළාතමට ඇසෙන සේ හූ හඩකින් නගරාධිපතිවරයාට සංග්‍රහ කළ අයුරු පහතින් නැරඹිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article