Saturday, January 18, 2025

කොවිඩ් 19 අපෙන් උදුරාගත් පළමු පුරවැසියා පිළිබඳ සංවේදී සටහනක්

Must read

පසුගියදා  ලංකාවෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාධිත විම නිසා මියගිය පුද්ගලයා  නමින් ධර්මසිරි ලෙස හදුනාගත්තෙමු.  නාත්තන්ඩිය –  හත්තිනිය ප්‍රෙද්ශයේ පදිංචි ධර්මසිරි මහතා එක්දරු පියෙකු වන අතර ඔහු වෘත්තියෙන් සංචාරක මාර්ග උපදේශකයෙකි.  ඔහුගේ හදිසි වියෝව මේ වනවිට පවුලේ ඥාතීන්ටත් හිතවතුන්ටත් දැඩි කම්පාවක් හා රටේ ඇතිවී ඇති ආරක්ෂාකාරී තත්ත්වය හේතුකොටගෙන මහත් චිත්ත පීඩාවක් ගෙන දෙන අත්දැකීමක් වීම වලක්වාගත නොහැකි යථාර්තයක් වුවද අප මෙහි පළකර සිටින්නේ මනුෂ්‍යයින් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජයගැනීම වස් මෙවැනි ඛේදවාචක හමුවේ මිනිසුන් පිලිබදව ඇති වටිනාකම් මියයන්නට ඉඩ නොදි තමන්ගේ පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් ධර්මසිරි මහතා සම්බන්ධයෙන් තොරතුරු සහිතව පළකර ඇති සංවේදි සටහනකි. ධර්මසිරි-මහතා

ශ්‍රී ලංකාවේදි මියගිය ප්‍රථම කොරෝනා රෝගියා..

හිතවතුන් ආමන්ත්‍රණය කළේ ධර්මෙ කියල. නම ‘ධර්මසිරි‘
අද ඔබ මුලු ලෝකයෙන්ම සහදහටම සමුගෙන ගිහින්….

පෙරේදා වනවිට මුලු ලෝකයම ඔබ පිළිබඳව දැනගත්තා…ශ්‍රී ලංකාවේදී මියගිය පළමුවෙනි කොරෝනා ආසාදිතයා වශයෙන් වගේම ලෝකයම දුටුවා ඔබගේ ආදාහනය පිළිබඳව
ඒක ආඩම්බරයක් නම් නෙවි…කෙනෙකුගේ මිය යෑම…ඒත් ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනපනත් අනුව ඔබව ආදාහනය කලා…

ඒත් බොහෝදෙනෙකු නොදන්නව ඇති ඔබ කවුද කියල..

ශ්‍රී ලංකාවෙ අත්පන්දු ක්‍රීඩාව පිළිබඳව කතා කලොත් නාත්තන්ඩිය සහ කොස්වාඩිය ගම්පහ අමතක කරන්න බැහැ..ශ්‍රී ලංකාවට අත්පන්දු ක්‍රීඩකයින් බිහිවූයේ නාත්තන්ඩිය කොස්වාඩිය සහ ගම්පහ ප්‍රදේශ වලින්. ඔබ ඉපදුනේ මැද කොස්වාඩියෙ.පාසැල් අධ්‍යාපනය කළේ හලාවත…ඒත් හිත තිබ්බෙ ගමේ.කොස්වාඩිය “විජය” ක්‍රිඩා සමාජයේ ඔබ ප්‍රභල සමාජිකයෙක්.පහල කොස්වාඩිය ඉඳල කොස්වාඩිය ට එන්නෙ තමන්ගේ ජවයෙන් ක්‍රිඩා සමාජය උසස් මට්ටමකට රැගෙන එන්න…ඔබ ඒක නියමට කලා….
විජය ක්‍රිඩා සමාජයට විශිෂ්ඨ සේවයක් කලා…
ඒ අතරේ උසස් පෙළ හමාර කිරීමෙන් අනතුරුව ඔබ මාරාවිල එරික් සූරියසේන බතික් ආයතන සමඟ එක්වුණා..එරික් බතික් කියන්නෙ මුලු ලෝකයක හඳුනන අපේ ශ්‍රී ලංකාවේ කලාව…බතික් කීවොතින් ඉතින් මාරවිල තල්විල කොස්වාඩිය හැරෙන්න වෙන කොයිද….ඒ කාලේ…ඔබ ආයතනයේ අපූරුවට රැකියාව කලා…ඉන් අනතුරුව ඔබ මීගමුවේ පලඟතුරේ එරික් සූරියසේන හෝටලයේ සංචාරක මඟ පෙන්වන්නෙකු වුයේ හොඳට ග්‍රැම ඉංග්‍රීසි හසුරුවන්න ඇති හැකියාව නිසාමයි…

ඔබ පහල කොස්වාඩිය අතහැරල ඒ අසලම තල්විල ප්‍රදේශය ට එන්නෙ විවාහයෙන් අනතුරුව. ජර්මානු විදේශිකයන් ට ඔබ නැතුව බැරි පුද්ගලයෙකු වුණා කීවොත් මා නිවැරදියි…..
ඔබ වසර 22 ක් පමණ මේ රැකියාවෙ නියැලීමෙන්ම ඔබගේ පරිනතබව අපට පසක් කරගැනීමට අපහසු කරුණක් නෙවි..
ජීවිතයේ ඔබ ජයගත් අයෙක් ….ඔබ එක් දියණියකගෙ පියෙක්,ඒ දියණියගෙ දරුවාගේ සීයා කෙනෙක්….
ඒත් ඒ සතුට වගේම ඔබ දහහස් වේදනාවෙන් දවස ගෙවන්න ඇත්තෙ…ඒකට එක් හේතුවක් වූයේ ඔබගේ ජීවිතයේ හෙවනැල්ල ඔබව තනිකර ගිය නිසා වෙන්න ඇති…ඒ ඔබගේ ජීවිතයේ දුක වේදනාව සතුට බෙදාගත් දයාබර බිරිඳ …අකාරුණික පිලිකාවක් ඇයගේ ජීවිතය බිලි ගත්ත….ඒක ඔබට දරාගන්න බැරි වුණා ……
ඒ විතරක්මද….අකාරුණික ජීවිතයෙන් ඔබව ආයෙත් ආයෙත් අකාරුණික කලා…වසර 15 කට පෙර ඔබගේ හිස ශෛල්‍යකර්මයක් කිරීම….එතැනින් නොනැවතුණ දෛවය ඔබගේ වකුගගඩුව රැගෙන ගියා…
ධර්මසිරි මහතාණනි ලියන්න ගොඩාක් කරුණු තිබුන…
ඔබ ශක්තිමත් පුද්ගලයෙක් …එසේ නොවුනා නම් කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු වන්නට බැහැ…ඒ ශක්තියම වෙන්න ඇති ඔබව මෙතරම් දුරක් රැගෙන ආවේ…ඒත්…
ඔබ ජීවිතය සමඟ සටන් කලා…ඒත්…
අද ජීවිතය භීතිකාවකට දන් දීල යන්න ගියා..
ලෝකය ඔබ පිළිබඳව හෙව්ව….ඔබ කවුද මොනවද කලේ කොහෙද ඉන්නෙ…ඔව් ලෝකය හෙව්ව…..ඒ ඔබට බියකින් නෙවි…ඔබව රැගෙන ගිය යක්ෂායට බියේ විතරයි….

ඔබට අපහාසයක් කරන්න නෙවි ඔබව හෙව්වෙ….ඔබව මරාගත් යක්ෂයාගෙන් ලෝකය නිදහස් කරගන්න….

“ඔබ ඒ සටනේ ශ්‍රී ලාංකීය සොල්දාදුවෙක්”බව අපි ඉතාමත් ආදරයෙන් මතක් කරන්න ඕනි…

ඔබ ඇත්තෙන්ම “දැවැන්තයෙක්”

එමිල් රෝහන්

තොරතුරු ලබාදුන් කොස්වාඩියේ (ඉතාලියේ රෝමයේ සිටින)
Ranga Marasinghe මා හිතවතාට ස්තූතියි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article