(01.05 pm ) වෙන්නප්පුව මහජන සෞඛය කලාපය තුළ ජනවාරි මාසය තුළදී කොවඩ් 19 අසාධිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කළ අතර වෙන්නප්පුව අලුත්පාරේ පිහිටා ඇති සමූපාකාර සංගමයේ සේවකයන්,නිලධාරීන් ඇතුළු ආ ගිය ගණුදෙනුකරුවන් 37 දෙනෙකුට කොවිඩ් 19 අසාධනය වී තිබුණි. ඒ සමග ලුණුවිල පීරිස් වත්ත ප්‍රෙද්ශයේ යම් වර්ධනයක් ඇතිවී තිබුණි. වෙන්නප්පුව මහජන සෞඛ්‍ය කාර්යාලය පවසන පරිදි මේ වනවිට එම ස්ථාන වල කොවිඩ් 19 ආසාධනයේ පාලනයක් ඇතිවී ඇති අතර සමූපාකාරයේ කොවිඩ් අසාධිත පොකුර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නැවත සාමාන්‍ය කටයුතු වල නිරත වෙමින් තිබේ.