(11.12am) පවතින නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන්  පුත්තලම් දිස්ත්‍රික්කයේ අවධානය දිය යුතු ස්ථාන අතර නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරය ප්‍රධාන ස්ථානයකි.  මේ අතර නොරොච්චෝලේ  ලක් විජය තාප බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින්  කිසිවකුට තම සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසට විදුලි බලමණ්ඩල බළධාරින් උපදෙස් ලබා දී ඇති බව  වාර්තා වේ. නොරොච්චෝලේ  ලක් විජය තාප බලාගාරයේ විවිධ අංශ තුළ චීන ජාතිකයින් 60 – 75  ආසන්න ප්‍රමාණයක් දැනට සේවය කරති.
ආසන්න කාල සීමාව තුලදී මෙරරට පැමිණි එක් චීන ජාතිකයකු පමණක් දැනට ආරක්ෂිතව රඳවාගෙන තිබෙන් බවත් එම පුද්ගලයාගෙන් ද කිසිවක් වාර්තා නොවු බව දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර  ඇත.   සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර  ඇත.වර්තමානයේ ඇතිවී ඇති තත්වය පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කර ඇති ඇය පවසා ඇත්තේ නව කොරෝනා වෛරසය  හා මෙම චීන ජාතිකයින් පිළිබඳව දැඩි අවධානයකින් සිටින බවත් ජනතාවට කිසිදු බියක් ඇති නොකර ගන්නා ලෙසත්ය.